මේක අන්තිම බසය ගමට යන්නට තියෙන ආ නිසා කලින් මම හැකි වුණා ගොඩවන්න සනීප නෑ අත්තම්මට ඉක්මනින්ම ගෙදර එන්න එහා ගෙදර සඳා අක්ක ඊයෙ උදේ කීවේ මට ඉපදිල මට මාස තුනෙන් අප්පච්චිත් එලොව ගිහින් රට ගිය අම්මා ගැන දැන් තොරතුරු නෑ දස වසකින් මට අවුරුදු දොළහෙ ඉඳන් හිටියේ මගෙ තනියට ළඟ අත්තම්මා විතරයි, මගෙ මවත් පියත් ඇයම වීය ඉස්සර මට මතකයි මම එනතුරු මඟ බලනව ඇය පාසල් නිම වී ආවම ඇගෙ අතින්ම කවනව මට කැම්පස් තේරුණු දවසෙදි කොළඹ එන්න සිදු වුණාම වැළඳගත්තු හැටි මා නුඹ අද වාගේ මතකයි මට මුල් වසරෙදි හැම සතියෙම ගෙදර ආවෙ නුඹ බලන්න ටික ටික වැඩ වැඩි වෙනකොට නාවට මට සමාවෙන්න දවස ගානෙ බැරි වුණාට ඉඳහිට නුඹ ඇමතුවාම පුතේ මං හොඳින් යැයි නුඹ කිව්වෙ හිත මගේ හදන්නද ටික ටික ගම ළං වෙනකොට නුඹෙ උණුහුම දැනෙනව මට ඇත බොහො දේ මට කියන්න ඉවසුම් නෑ නුඹ දකින්න නතර වන විට බසය ගේ පෙනෙන දෙවට ළඟ අත්තම්මා හිනැහෙනව දුටිමි සුදු කොඩිය මත...
Leave a Comment