නිසදැස්

අදත් ඉරිදාවක්

අදත් ඉරිදාවක්

අපි කැමතිම
මල්ලිත් ගෙදර
තාත්තටත් නිවාඩු
මටත් නිවාඩු
හැමෝම ගෙදර ඉන්නකොට හරිම ශෝක්

අදත් ඉරිදාවක්

අපි කැමතිම නැති
හෙට ඉස්කෝලේ යන්න එපැයී
අපෝ හෙට ඉදලා ආය වැඩට යන්න එපැයි
අපෝ හෙට ලෙක්චර්ස්
හෙට ඉදලා ගෙදර පාලුයි

අදත් ඉරිදාවක්

සමහරුන්ට ටිකෙන් ටික අමතක වෙන
සමහරු මතක් කර කර අඩන
සමහරු තාම නිදි නැතිව රට රකින
ගමකම තුන්මාසෙට බණ කියන

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව!!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කල්පනී ආරියරත්න

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment