අදින් එකොළොස් වසරකට පෙර ඔබට මට දැනුණු මරණයේ චකිතය මදක් සිහියට නගමු. ඒ චකිතය අප කිලෝමීටර් ගණනාවක් ඈතින් විදි එකක්ය. නමුත් ඔවුන් පියවර වලින් සමීපව දැවුණු එකක්ය.නමුත් ඔවුහු කිසිවිටෙකත් දොස් නැගුවේ නැත. ආපසු හැරුණේ ද නැත. උරපතු රිදවන තුවක්කුවත්, සිංහ ලෙයත් , රට රකින උදාර අරමුණත් පමණක් සතු වූ ඔවුන් ලක් දෙරණ රැකීමට අදත් සීරුවෙන්. ඒ අන් කවරෙක්වත් නොව අපගේ වීරෝදාර රණවිරුවන්ය.
2020.05.18 වන අද දින සියලුම ශ්‍රී ලාංකික ජනතාවට අමතක නොවන සැබවින්ම අමතක කළ නොහැකි දිනයකි. ඒ මන්ද යත් බෙදුණු රටක් ඒකීය රාජ්‍යයක් බවට පත්වීමේ සුභ සිහිනය සනිටුහන් කරමින් දශක තුනකට ආසන්න කාලයක් පැවති LTTE රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගෙන රණවිරුවන් ජයග්‍රහණය තම ලෙයින් සනිටුහන් කළ දිනය මතකාවර්ජනයට යෙදුණු සුවිශේෂී දිනය අදයි.
ආලෝකයෙන් ගණ අන්ධකාරය නැසුණ ද, ඒ අන්ධකාරය ගැනත් අප මදක් විමසිය යුතුමය. මව්වරුන්ට දරුවන් අහිමි කළ ,දරුවන්ට දෙමව්පියන් අහිමි කළ , බිරිඳට සිය සැමියා අහිමි කළ සහෝදරියන්ට සහෝදරයන් අහිමි කළ ඒ යුධ ගිනිදැල් ඇති වී නිවුණේ කෙසේද?
ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ ජනවාර්ගික ආතතියෙන් පසුවන්නට විය. යුද්ධය ආරම්භ වූයේ 1983 ජුලි මාසයේ පහත් මට්ටමේ කැරැල්ලක් ලෙස ය. කොළඹ සහ අනෙකුත් නගරවල ජනවාර්ගික කැරලි ඇති විය. දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් “පළමු ඊලාම් යුද්ධය” (1983-87) ප්‍රකාශයට පත් කළේ උතුරු ශ්‍රී ලංකාවේ ඊලාම් නමින් වෙනම දෙමළ රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අරමුණෙනි.
1987 සිට 1990 දක්වා ඉන්දීය යුධ හමුදාව, ඉන්දියානු සාම සාධක හමුදාව අසාර්ථක ලෙස යෙදවීම ඇතුළුව සාම සාකච්ඡා සඳහා දශක දෙකක සටනකින් හා අසාර්ථක උත්සාහයන් හතරකින් පසුව, ගැටුම සඳහා කල් පවත්නා සාකච්ඡා විසඳුමක් දෙසැම්බරයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ විට පෙනී ගියේය. 2001, සහ 2002 දී ජාත්‍යන්තර මැදිහත්වීම සමඟ සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන ලදී. නමුත්, 2005 අග භාගයේදී සතුරුකම් යළිත් වරක් ඇති වූ අතර 2006 ජුලි මාසයේ සිට LTTEයට එරෙහිව රජය විසින් විශාල මිලිටරි ප්‍රහාර ගණනාවක් දියත් කරන තෙක් ගැටුම උත්සන්න විය. LTTE ය ප්‍රකාශ කළේ ඔවුන් “රාජ්‍යත්වය ළඟා කර ගැනීම සඳහා වූ ඔවුන්ගේ නිදහස් අරගලය නැවත ආරම්භ කරන” බවයි.
2007 දී රජය සිය ප්‍රහාරය රටේ උතුරට මාරු කළ අතර LTTE ය 10,000 වාරයකට වඩා ගිවිසුම උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් 2008 ජනවාරි 2 වන දින සටන් විරාම ගිවිසුමෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කළේය. එතැන් පටන් ආරම්භ වූ සටන නොනිදා පහන් වූ දින,සති ,මාස ,අවුරුදුවලින් ගෙවුණේ රට මුදා ගැනීමේ අරමුණ පමණක් රණවිරු හදගැස්මට එක් කරමිනි.
2009 ජනවාරි මස කොටි ත්‍රස්තවාදීන්ගේ පරිපාලන මූලස්ථානය ලෙස වසර 10ක් තිස්සේ රඳවාගත් කිලිනොච්චිය රණවිරුවන් විසින් මුදා ගන්නා ලදී. එම අසමසම ජයග්‍රහණය විරුවන්ගේ ඉදිරි ගමන ස්ථාවර කළේය. එසේ ඉදිරියට යමින් 2009 මැයි 17 දින LTTE ත්‍රස්තවාදීන් පරාජය කොට අභීත රණවිරුවන් ජය සනිටුහන් කළේ ජනතාවගේ උත්තමාචාර ද ජනතාවගේ ජයඝෝෂාවන්ද මධ්‍යයේදීය.
එදා ආර්ථිකය, සංවර්ධනය, අධ්‍යාපනය, ජාතිකානුරාගයත් අතින් බිඳ වැටී සිටි අප නැවත හිස ඔසවන්නට විය.අනාගතය ගැන සුභ සිහින දකින්නට විය.
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ පස් පිඩක්වත් ගිලිහී නොයන්නට සිව්කොණේ පවුරු බැඳි ඔබටයි මේ ගෙනෙන උත්තමාචාරය …
මුළු ලෝකයක් නිදනා විට දේශයේ මුර දේවතා එළි දල්වා සිටින ඔබටයි මේ උපහාරය…
ලක්දෙරණේ වීර පුතුණි, දියණියනි ලක් මව සුරැකීමට ඔබ සැමට දිරිය ශක්තිය සැමදා ඔබට ලැබේවා යි Colombo Beacon අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.
Design by – Poornima Dissanayake
Leave a Comment