නැගෙනෙ හෝ හඬ අතර
සඟවගෙන අදෝනා……..
අදත් වෙරළට ඇදෙයි
මකාගෙන පා රටා……….
විසිරුණත් පෙන කැටිති
දෙපා මගෙ සිඹ සිඹා……
තවම මට හරි බයයි
දකින්නට නුඹෙ රටා…..
පය ගැටෙන ලුණු වතුරෙ
ඇති කඳුළු දියවෙලා……..
මට පුදුම නුඹ එදා
නපුරු උණ හැටි තමා……..
අම්මලා නංගිලා
අරං නුඹ ගිය නිසා….
මගෙ කඳුළු ගොඩ වැඩියි
නුඹේ වතුරට වඩා……..
මාත් ඒ අය එක්ක
අරං ගියෙ නැති නිසා…..
මහ සයුර මට තවම
තරහ නුඹ එක්කලා…….
Leave a Comment