චණ්ඩ හිරුගේ රැස් උරාගෙන
එළිය විතරක් විහිඳුවා……..
සිසිල බෙදනා සඳුට වැඩියෙන්
අඳුරු ජීවිත එළිකලා……….
හිරු සඳුද නැති රැයක පහනව
එළිය දෙන්නට දැල්වුනා
සියක් දහසක් නුවන් හෙළිකර
ලොවක් සියතින් හැඩකලා…………..
හතේ කණිසම හිතේ ඇඳගෙන
හිරුට කලියෙන් ඇහැරුනා
අව්ව වැසි ලෙඩරෝග කැපකර
අදත් පාසල වෙත ගියා
කුසින් නොවැදූ දහක් දරුවන්
හැදූ මව් පියවරු වෙලා
නුඹට ඉහළින් අපව දැකලා
සතුටු කඳුලැලි පිසලුවා……
Photo credit : film ho gana pokuna
Leave a Comment