තුරුලේ සැතපී උණුහුම වින්දා
දෙ අතේ වාරුවෙන් පියමැන නැගිට්ටා
විඩාවෙන් නුඹේ කරදඬු උස් වූවා
ඔබෙන් ලද සෙනෙහසින් මා ජීවත් වූවා
ලය නැත කිරි සුවඳ මා සෙවූ තරමට
සම විය කඨෝර වේදනා නොදැනෙන්නට
සුදු විය හිසකේ විඩාවේ ඵල බරට
ලොව නමුදු දැක නැත ඔබේ පෙම මා නමට
පිය උණුසුම පමණි මට හිමි මේ අත්භවේ
ඇයි දෝ මුසාවට අප්පච්චී රැවටුනේ
නැති වරදකට ගැරහුම දරාගනු බැරි වුනේ
අප්පච්චීයේ අවිශ්වාස ද දෝණිය නුඹේ
Leave a Comment