සාමාන්‍ය

අපි අපි ගැනම

පණ රැකගන්න විතරමයි බත් කන්නේ
පරිප්පුව නෑ තුන් වේලටම වරදින්නේ
සීනි නැති කහට නැති ප්ලේන්ටිය වේද මිහිරි
පුංචි රුපියල්වලට කොයින් උණු බත් ලැබුනි

දෙසන බණ නෑ දේසකයනුත් දන්නේ
ඒ නිවන දුර වැඩියි ඒකයි යන්නෙ නැත්තේ
කැන්ටිමේ කතාවට ටොපික් හිග වෙද්දී
ෆේස්බුක් තමයි තනි නොතනියට ඉන්නේ

පුරුද්දට වගේ රොබරෝසියා පිපෙනවා
වසන්තය දැන් එතියි දැන් එතියි හිතෙනවා
උපන් දින දාට
ටොරින්ටන් තණ බිස්සෙ
කේක් ගෙඩියක් කපා ආදරේ බෙදනවා
සෙල්ෆි ගහලා සැණින් අප්ලෝඩ් කරනවා

“රකිමි නැත්නම් මියෙමි”
ලේ වලින් ලියනවා
දවසෙ කුලියට
සෙට් උනොත් අත නෑර
දිසාපාමොක්ලගේ
හෑන්ඩ් බිල් බෙදනවා
ලොකු ගෙවල් දිහා බලමින් පයින් ඇවිදිද්දි
තඩි කාර් සුදු ගෑනු ඇඟේ හැප්පී දුවනවා

එක්සෑම් අසයිමන්ට් බුර බුරා ලුහු බඳිනවා
මිතුරුකම් පවා මෝනිං බායි වෙනවා
ඉන්දියන් ටෙලිකතා ඔන්ලයින් බලනවා
කැම්පස් ගියත් සරසවිය මගහැරෙනවා

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චින්තන ගුණතිලක

නීති පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment