සාමාන්‍ය

අපි දන්නවා උඹලා දිනනවා 

ඇයි බන් අත මොකද?
ආ! ඒක අවුලක් නෑ ඒවා පොඩි තුවාල
අපෝ හැටි කලු වෙලා හොඳටම
ඔව් බන්, practice ඊයේ දවසම
කොහොමද හොඳට පාඩම් කරාද?
වැදගත් ටික කියනවද, ඒ ටිකවත් ලියන්න
Good luck හොඳට සෙල්ලම් කරන්න
එල බන්..අපි දිනනවා කෝමහරි ඔන්න
මේ vacation එකේ ගෙදර යන්නත් නෑ නේද?
ඔව් බන්, අම්මත් කිව්වා දිනලම එන්න
Match එක ඉවර වෙනකන් කොහොම ඔහොම දුවනවද නවතින් නැතිව
ඒ හයියනම් එනවා campus එක මතක් වෙද්දි ලෝභ නැතිව
ඇයි බන් අර අයියගේ කකුල මොකද?
Match එකේදි වැටුණා ඒත් තිබ්බා try එක !!!

Try එකක් ගානේ උඹලා එලි කරන්නේ
අපෙත් හීන
තුවාලනම් මොනවද උඹලගෙ ඔය
හයිය හිත් වලට
අපි දන්නවා උඹලා දිනනවා
කොහොම හරි cup එක
පරිස්සමෙන් බන් සෙල්ලම් කරද්දි
බලාගෙන….

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කල්පනී ආරියරත්න

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment