සුදු කොළ උඩ
ඒ මේ අත ලියැවුණු
නොදත් අකුරුවල
අරුත් සොයන අපි
හැම කරුණකටම
මුල සොයා යන්නට
අග සො යන්නට
සිදු වූ අපි
බන්දේසියක බහා
හදවත රාක්කයෙන් තැබූ
මිනිසුන් සමඟ
දින ගෙවන අපි
කාලය ගත කිරීමට
ඉවසීමක් නැතිව බැලූ
කලට නැවතත්
එබෙන්නට සොයන අපි
රාමුව තුළ සිට
රාමුවම ප්‍රශ්න කරන අපි
Leave a Comment