සාමාන්‍ය

අපූරු යාළුවෝ

එකමත් එක ගමක හිටියා යාළුවෝ දෙනනෙක් ඒ ‘සමල්’ සහ ‘කමල්’. මේ දෙන්නා හරිම හොඳයි. ඒ වගේම කරුණාවන්තයි. හැමෝටම උදව් කරනවා. හැමෝටම ආදරෙයි. එ හින්දා හැමෝම ඒ දෙන්නට ආදරෙයි.

මේ දෙන්නා එකටමයි ඉස්කෝලේ යන්නේ. එකටමයි සෙල්ලම් කරන්නේ. 

එත් ගමේ හිටියා ‘විමල්’ කියලා ළමයෙක්. එයා හරිම නපුරුයි. ඒ හින්දා කවුරුවත් එයා එක්ක කතා කරන්නේ නෑ. නිතරම රණ්ඩු වෙච්ච ගමන්මයි. එ හින්දා යාළුවෝ කවුරුවත් කතා කරන්නේ නෑ.

දවසක් කට්ටිය සෙල්ලම් කර කර ඉද්දි, විමල් එතනට ආවා. 

අනේ මාවත් ගන්නකෝ සෙල්ලම් කරන්න කියලා විමල් කිව්වා. 

අපි ඔයාව ගන්නේ නෑ සෙල්ලම් කරන්න. නපුරා… එන්න එපා ආයේ” කියලා එයාව එලව ගත්තා යාළුවෝ ටික. 

මේක බලාගෙන හිටපු කමල්ටයි සමල්ටයි හරිම දුකයි. යාළුවෝ හැමෝම සෙල්ලම් කරලා ගියාට පස්සේ සමලුයි කමලුයි “විමල්ට මොකද කරන්නේ විමල් පව් නේද?” කියලා දෙන්නා කතා වුණා. ඉතින් මේ දෙන්නා  දවසක් ඉස්කෝලේ ඇරිලා හවසක විමල්ව හම්බ වුණා.

කොහොමද විමල්? කියලා දෙන්නා ඇහුවා.

 මම හොඳින් කියලා විමල් තරහෙන් කිව්වා. 

“විමල් කෙන්ති ගන්න එපා. අපි ඔයා එක්ක කතා කරන්න ආවේ. ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ? අපි කැමති ඔයත් එක්ක යාළු වෙන්න” කියලා සමල් සහ කමල් කිව්වා. 

“අනේ කොච්චර හොඳ ද? ඔයගොල්ලො විතරයි මාත් එක්ක මෙහෙම කතා කරේ” කියලා විමල් කිව්වා. 

“අපි අද ඉඳලා යාළුවෝ.”

පේනවද යාළුවනේ, කවුරුත් කොන් කරන්නේ නැතුව ඒ අයට සමානාත්මතාවයෙන් සලකන්න පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චතුරංග පෙරෙරා

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment