දැනුම

අපෙන් සමුගන්න යන මෙලොව පැරණිතම ජීවියා

Written by Rishan Sampath

මිහිතලය මත දැනටවෙසෙන පැරණිතම සහ විශාලතම ජීවී විශේෂය වන්නේ කේතුධර ශාකයි.( Conifers  ). ලොව විශාලතම ශාක අයත්වන්නේද කේතුධර ශාක කාණ්ඩයටයි. මීටර 110 කට වඩා උසකින් යුක්ත රතු ලී ශාකය (Coast Redwood) [Sequoia sempervirens] වසර 50000 කට වඩා වැඩි ජීවිත කාලයකට උරුම කම් කියන පයිනස් (Bristlecone pine )[Pinus longaeva ]ශාක විශේෂද මෙම කාණ්ඩයට අයත් වේ. මෙතරම් කාලයක් මිහිතලය මත තම ආදිපත්‍යය පතුරමින් සිටි මෙම  ශාක විශේෂ වල ඉදිරි අනාගතය සුභ නැත.

( IUCN රතු දත්ත පෙතේ නවතම සංස්කරණයට අනුව ( The latest update of IUCN Red List of threatened species – 2 July 2013) කේතුධර ශාක වලින් වැඩි ප්‍රතිශතයක් මිහිතලය මතින් තුරන් වීමේ අවධානමකට ලක්ව සිටී. මෙම වාර්තාව අනුව ලොව පුරා දේවදාර (Cedars)  සයිප්‍රස්  (Cypresses)  පර් (Firs) ඇතුලු කේතුධර ශාක 34% මෙලොවින් තුරන්ව ගොස් ඇත.මෙය අවසන් වරට 1998 දී පැවැත්වූ සංගණනනේ න්‍යෂ්ඨ වූ ප්‍රතිශතයට වඩා 4% ක වැඩිවීමකි.  මීට අමතරව ලොව පුරා කේතුධර ශාක විශේෂ 33 ක් න්‍යෂ්ඨ වෙමින් පවතී. මේ අතරට ලොව වඩාත් ව්‍යාප්තව ඇති පයිනස් විශේෂය වන Monterey Pine (Pinus radiate) ද අයත් වේ. මෙම විශේෂය වේගවත් වර්ධනයක් ඇති ගුණාත්මක අතින් උසස් පල්ප සෑදීම සදහා යොදා ගනී. ශාක පරපෝෂීන් මෙන්ම වනාන්තර වල වෙසෙන එලුවන් විශේෂයක් මෙම ශාකයට තර්ජනයක් බවට පත්ව ඇත. මෙහ් නිසාම IUCN  රතු දත්ත වාර්තාවේ Least concern කාණ්ඩය යටතේ වර්ග කර තිබූ  Pinus radiata  විශේෂය දැන් Endangered  කාණ්ඩය යටතේ වර්ගකර ඇත.

මීට අමතරව ඇල්ගීරියාව සහ මොරොක්කෝව නිජබිම් කරගෙන සිටින Atlas Cedar (Cedrus atlantica)  කොනිෆර් විශේෂය Least concern   කාණ්ඩයේ සිට    Endangered කාණ්ඩයට ඇතුලත් කර ඇත. අනෙක් බොහෝ විශේෂ වලට මෙන්ම මම විශේෂයටද ඇති ප්‍රධාන තර්ජනය වන්නේ අධි පරිභෝජනයයි. (Over exploitation )

ලොව පුරා තවමත් හදුනා ගැනීමට සහ පරීක්ෂණයට භාජනය නොවූ කේතුධර ශාක සංඛ්‍යාව අති මහත්ය. එම නිසා කේතුධර ශාක පිළිබදව කඩිනමින්  පරීක්ෂණ පැවැත් විය යුතුය. මන්ද යත් වන විනාශය හා ඔයිල් ෆාම් වගාව සදහා වාසස්ථාන විනාශ කිරීම නිසා ඇතැම් ශාක විෂේශ සොයා ගැනීමටත් පෙරම මිහිතලය මතින් වදවී යා හැකි බැවිනි.

තෙත් බිම් හැරුනු කොට මිහිතලයේ කාබන් සමතුලිත තාවය පවත්වා ගැනීම සදහා වැඩිම දායකත්වයක් සපයනු ලබන්නේ කේතුධර වනාන්තරයි. මීට අමතරව කේතුධර ශාක වලින් ලැබෙන ආර්ථික වාසිද අතිමහත්ය. මෙම ශාක වල මෘදු ලී  (softwoods)  දැව සහ කඩදාසි නිපදවීම සදහා යොදා ගනී. එසේම මෙම ශාක විශේෂ වල පොත්ත ඹෟෂධ නිපදවීම සදහා යොදා ගැනේ.  පිළිකා මර්ධනයට යොදා ගන්නා Taxol (anti-cancer agent) නිපදවනු ලබන්නේ  Yew ශෘක වල පොත්ත භාවිතා  කරමිනි.  මෙතරම් වටිනා කමක් ඇති ලොව පැරණිතම මෙන්න විශාලතම ජීවී කාණ්ඩය මිහිතලය මතින් වදවී යාමට ඉඩදී අපට බලා ගෙන සිටිය හැකිද??

මූලාශය- The latest update of IUCN Red List of threatened species – 2 July   2013 / www.iucnredlist.org

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Rishan Sampath

විද්‍යා පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment