“අපේ අයියා ඡායාරුප ශිල්පියෙක්.හැබැයි එයා photography වල යෙදෙන කාලයේ මට මේ ගැන කිසිම ආශාවක් තිබුනේ නෑ”
Nikon කැමරාව use කරන මොහු විශ්ව විද්‍යාලයේ සැම දෙනා අතරම ජනප්‍රිය චරිතයකි. දෙවන වසරේ ශිෂ්‍යයෙකු වන මොහු, විද්‍යා පීඨය සංවිධානය කරන ඕනෑම උත්සවයක් cover කරන්න ඔහුගේ කැමරාව සැදී පැහැදී සිටි … Photography පිළිබද දැඩි, ආශාවක් උනන්දුවක් ඇති මොහුව, අපි ඒ ගැන කතා කරන්නම හමුවීමු … “දිලීප ලියනගම” හෙවත් “පිම්පි.” ඉතින්………….
කොහොමද photography වලට යොමු උනේ කියල කිව්වොත්….
අපේ අයියා ඡායාරූප ශිල්පියෙක්.එයා කැළණිය විශ්වවිද්යාලයයේ ඉගෙන ගත්තේ.හැබැයි එයා photography වල යෙදෙන කාලයේ මට කිසිම ආශාවක් තිබුනේ නෑ මේ ගැන.එයා ඒ කාලයේ ලස්සන photos ගන්නවා මතකයි.ඒත් මට හිතුනා මෙයා ඇයි මේ වගේ photos ගන්නේ කියලත්.අන්න ඒ වගේ view එකක photography ගැන මං හිටියේ.
කොහොමද ඒ view එක වෙනස් උනේ එතකොට????
අයියා විදේශ ගත උනා.ඊට පස්සේ මට ටික ටික ආස හිතුණා.මුල් කාලේ phone එකෙන් එහෙම photos ගත්තා.අයියා ලoකාවෙ ඉන්න කාලේ සේරම උපකරණ ගෙදර තිබිලත් මට photography ගැන නොතිබුනු ආශාවක් අයියා ඒ දේවල් අරන් විදේශ ගත උනාට පස්සෙ මට ඇති උනා.

මේ වෙනකොට professional විදියට photography වල නිරත වෙලා තියෙනවද???
ඔව්, දැනට මං අවසාන “ස” ප්‍රසංග තුන ,අමරසිරි පීරිස් ගේ ප්‍රසංගයක් , “Colombo Fashion Week” modeling show එකත් , “බල්ලොත් එක්ක බැහැ” හා ටෙනිසන් කුරේගේ “ I am Sri Lanka” වේදිකා නාට්‍ය වල ඡායාරූපකරණය සිදුකර තිබෙනවා.

ඒ කියන්නේ තම හැකියාවන් යොදා ගෙන ආදායම් මාර්ගයක් මේ field එකෙන් හදාගන්නත් බලාපොරොත්තු වෙනවා….?
ඔව්, ඒත් තාම මුල් කාලය නිසා experience ලබාගන්නයි ගොඩක්ම උත්සහ කරන්නේ.ටික ටික ක්ෂේත්‍රයේ පුළුල් පරාසයකට යන්න බලාපොරොත්තු වෙනවා.
ඡායාරූපකරණයෙන් ඔබට ජයග්‍රහණ ලැබිල නැද්ද?
තරග වලට ඡායාරුප තවම මං වැඩිපුර ඉදිරිපත් කරලා නැ මගේ ඡායාරුප 2ක් “Nikon photo contest 2013” තරගයේ දෙවන වටයට සුදුසුකම් ලබල තියනවා .බලමු ඉදිරියට ජයග්‍රහණයක් ලැබෙයිද කියලා….
Photography වලට අමතරව මොන වගේ දේවල් වලද නිරත වෙන්නේ?
මගේ පාසල මාතර රාහුල විද්‍යාලය .මම school hockey team එකට සෙල්ලම් කලා.දැන් campus hockey team එකට සෙල්ලම් කරනවා..

ඔබට විශේෂයෙන් දෙයක් කියන්න තියනවද?
මගේ ලග්නේ මකර කියල කියන්න කැමතියි විශේෂයෙන් මගේ රසිකාවියන්ට
විශේෂ අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත්…
එහෙම විශේෂ බලපොරොත්තුවක් නෑ.තැනේ හැටියට ඇණේ ගැසීම තමයි ඉතින්…..
ප .ලි :-
සිත් ඇදගන්න සුළු දර්ශනයක් හෝ කුඩා සතක් දුටුවොත් කෙසේ හෝ එය කාමර කාචයට හසු කර ගන්න තුරු ඔහු උත්සාහය අත් නොහරී
Leave a Comment