සායම් වත්සුනු තවරා වත මත
මායම් පාමින් කෙරුවත් ඉඟිබිඟි…
අතින් අතට පියමැන්නත් පව්මට
නෙත් අගින් ගැලුවේ කඳුළැලි
අබිසරුලියක් යැයි දුටුවන්
පවසන විට දී වදනින්…
රකින්නට නුඹ මගක් නැහැ අනේ
ඉතින් වුණි මන් අබිසරුලියක්
සාප නොකරන් මතු දිනෙක…
රුහිරු කිරි කර දුන් නුඹෙ මව් මන්
එදා ඔහු පෙන්නුවේ පෙමක අභිමන්
නමුත් මා නොදනී එහි පලකම්
කුසට ආ දින දුවේ නුඹ මගෙ
මරන්නට කිව්වේ ඒ මිනිසාම වදනින්…
රකින්නට නුඹ කළේ මෙය මන්
ලේ කැටියක් වුවත් පණ ගැහෙන
ප්රාණයයි නුඹ මගේ…
නොමැත අන් මගක් රකින්නට නුඹ
වඳින්නම් මැණික සාප නොකරන්
මතුදාක මට නම්…
Leave a Comment