ඇය මලකි සෙල් මලකි
උපන්නත් ගසක
සියුම් සුමුදු මලක් ලෙසින්
ඇය මලකි ගල් මලකි
දැන්…
ඇය ලියකි සෙල් ලියකි
උපන්නත් ලදැරියක සේ
කුළුදුලේ සුරතලේ
ඇය ලියකි ගල් ලියකි
දැන්…
ඇය මවකි නොසෙල් මවකි
උපන් දා සිට ම මවක් වූ
සිව් බඹ ම විහරණ කෙරූ…
කුසින් උපනවුන්ගේ මදිවාට
තවත් උන්ගේ මග පෑදූ…
මම දුවෙකි
ඒ නොසෙල් මව්ගේ කුස උපන්…
නමුදු මම සැලෙමි
ඒ නොසෙල් මව්වත් කම් සිහි තබන්..
Leave a Comment