විශේෂ දිනයන්

අම්මා..

ඇය ආදරයේ උල්පතයි ,
ඇය පරිත්‍යාගයේ දෙවගනයි,
ඇය කැපකිරීමේ ප්‍රතිමූර්තියයි,
ඇය නමින් අම්මා ය…..
අද ලෝක මව්වරුන්ගේ දිනයයි.ඔබට මට මේ ජීවිතය ලබාදුන් ඒ සුන්දර කාන්තාව වෙනුවෙන් වෙන් වූ දිනයයි.
සෑම වසරකම මැයි මස දෙවන ඉරිදා ලෝක මව්වරුන්ගේ දිනය යෙදී ඇත.
අම්මා වූ කලී,
වචන වලින් විස්තර කල නොහැකි, ඔබ මට අපි සෑම දෙනාටම ජීවිතය දිනන්නට කියා දුන්,මහ මෙරක් තරම් ආදරය සෙනෙහස ලබා දුන් අති ශේෂ්ඨ කාන්තාවයි.ඇයගේ ශේෂ්ඨත්වයට,ඇයගේ අපරිමිත වූ ස්නේහයට එක අන්ශුවක තරම් හෝ සමාන කල හැකි අන් කවරෙකු වත් මෙලොව සිටිය හැකිද? නැහැ නේද ඒ අම්මාම පමනි.
ලෝක මව්වරුන්ගේ දිනය ආරම්භ කිරීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කලේ ඇමරිකානු ජාතික ඈන් ජාවිස් මැතිනියයි.1914 වර්ශයේ එවකට සිටි ඇමරිකානු ජනාධිපති වූ වූඩෝව් විල්සන් විසින් සෑම වසරකම මැයි දෙවන ඉරිදා මව්වරුන්ගේ දිනය ලෙස නම්කරනු ලෑබිනි.
සිතන්න, ඔබ අතරින් කී දෙනෙකු අද මව්වරුන්ගේ දිනය බව දැන සිටියාද? සිතන්න,මාතෘත්වය එක දිනකට පමනක් සීමා කල හැකිද කියා? සිතන්න,ඔබ මම වෙනුවෙන් තම සියලු ආශාවන්,සියලු හැගීම් කැප කර අපේ සියලු බලාපොරොත්තු මල්ඵල ගන්නවන්නට සෑමදෙයක්ම කැපකල ඒ දිරිය කාන්තාව කාන්තාව වෙනුවෙන් අප කුමක් කර ඇතිද කියා…. ඇය අප වෙනුවෙන් කර ඇති පරිත්‍යාගය වෙනුවෙන් ,කැපකිරීම වෙනුවෙන් එලෙසටම කැපකිරීම් කරන්නට අපට හැකිද කියා….
නැවත සිතන්න,අම්මා අප වෙනුවෙන් කල සියලු කැපකිරීම් වෙනුවෙන් අපෙන් ඉටුවිය යුතු වන්නෙ කුමක්ද කියා….
ඊට මුල් අඩිතාලම කෙසේ තැබිය යුතුද කියා….
අප මේ තාක් කුමක් කර ඇත්ද කියා….
අද ඒ සදහා හොදම දිනයයි .
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රවීෂා නෙත්මිණි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment