නිසදැස්

(අ)මුතු රටක්

කොටුවක් මැද සිංහයෙක්
අබිමන දෝත දරා කඩුවක්
ලේ වලින් සහතික දෙන ජාතියක්
අපිට තියෙනවා (අ)මුතු රටක්

එන්න වඳින්න අනුරපුර
තටාකෙට වැඩි වුණ
කළේට මදි වුණ
වතුර විකිණෙනවා
ලීටරේ 2කට

වේලකට හාල් පොල්
අරං යන්න
මාසෙ සමෘද්ධියට
පොරකන්න
හිඟා නොකා
හිඟා කන්න
අැවිත් යන්න
එන්න ගමට

බඩු ගන්න
“මැනිං” යන්න
හීන කප්පරක් ගොඩගහං
අදත් අන්න
තල්ලු කරනවා සිහින කරත්ත

ඕන දේකට ඔට්ටු
සරු සාර පොළවලු
වැඩියෙන්ම ලන්නේ දලු
පාරම්පරික පවුල් ගස්ලු
රහසේ කැලෑ සුද්ධ වන අපූරු
බලලා එන්න යමුද විල්පත්තු?

එතෙර මෙතෙර සේරම කුණු
අරං එන්න
ගොඩගහමු
පිරෙන්න
අරුවක්කාලු
එක්කලම හිතේ කුණු

හඩවමින් සයිරන් ගාඩ් පිට
මාළිගා රෝද හතර
අැදෙන හැටි එක පෙළට
දැක්කද?
එ් අපේ මහජන සේවක තැන

“බර කල්පනාවක්ද මහත්තයෝ?”

ඉක්මන් කරලා ගොඩ වෙන්න
මාරු කාසි හෙම අතට ගන්න
බෑග් එක අැතුළට දෙන්න
ඔය කෙළවරකින් එල්ලෙන්න
ප්‍රයිවට් එව්වා අද වර්ජන

———————————————————

අැත්තටම අර කඩුව කොස් කොටන්නද?

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පවන්ති සුදසිංහ

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment