විශේෂ දිනයන්

අයිතිය සුරැකුමට තවත් දිනයක්…

මානවයා වශයෙන් අප අපගේ අයිතීන් දිනාගැනීමට මෙන්ම එම අයිතීන් ආරක්ෂා කරගැනීමට පසුබට නොවෙමු. එසේ නිර්මාණය වූ පසුබිමක් නිසාවෙන් වර්තමානය වන විට ඒ සදහා වූ නීතිරීති, පිරිස් මෙන්ම ඒ සඳහා හැඩගැසී ඇති සංස්කෘතියක් ද අපට හිමිව තිබේ. සියලු අයිතීන් අතුරින් මිහිපිට ජීවත්වීමේ අයිතිය ප්‍රමුඛස්ථානය ගනී. ආගම්වාදී සත්‍යය දර්ශන තුලින් පෙන්වා දෙන්නේ ද ප්‍රාණයක් නිරුද්ධ කිරීම පාප ක්‍රියාවක් ලෙසය. තමන් පිළිබඳව ද එමෙන්ම සමස්ථ මානවයා පිළිබඳව ද මෙසේ සිතත්ම, ඒ වෙනුවෙන් හඬ නැඟිය නොහැකිමුත් ඉන් කොටසක් හිමි “සත්ත්ව වර්ගයා” පිළිබඳව ද සිතිය හැකි නම් එය කෙතරම් අගනේ ද? එවන් එක් සත්ත්ව කොටිඨාශයක් වන “ව්‍යාඝ්‍රයා” වෙනුවෙන් වෙන් වූ අද දිනයේ Colombo Beacon අපි දැනුමට යමක් මෙසේ ගෙන එන්නෙමු.

බිළාල පවුලේ සාමාජිකයින් අතුරින් ලොව විශාලතම සාමාජිකයින් වන මොවුන්හට වර්ණවත් දේහයක් හිමිය. තරමක් දරුණු සත්ත්වයෙකු ලෙස දර්ශනය වුවද සත්ත්ව ලෝකයේ අපූර්වත්වයට මොවුන්ගෙන් ලැබෙන දායකත්වය ඉමහත්ය. නමුත් වාසස්ථාන අහිමි වීම, දඩයම් බවට පත්වීම මෙන් ම මිනිසා සමඟ ගැටුම් ඇතිවීම ආදියෙහි ප්‍රථිඵල ලෙස ඔවුන් වඳවීයන සත්ත්ව කාණ්ඩයට ඇතුලත් ව ඇත.
එබැවින් මෙසේ ඔවුන්ටම වෙන වූ දිනයක් වෙන්කර ඇත්තේ, මෙම සත්ත්ව කොට්ඨාසය සංරක්ෂණය කිරීම පිළිබඳ දැනුවත් වූ පිරිසක් ඇති කර, ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමිනි.

සංගණනික දත්ත වාර්තාවන්ට අනුව අතීතයේ වූ ව්‍යාඝ්‍ර ගහණයෙන් අද වන විට ඉතිරිව ඇත්තේ 7% ක් පමණ ප්‍රමාණයක් වීම මෙන්ම පසුගිය ශත වර්ෂය තුළදී පමණක් ඔවුන්ගේ ගහණයෙන් 97% ක් පමණ අතුරුදන්වීම ඉතා කණගාටුවට කරුණකි. ලෝක වනජීවී අරමුදලට (WWF) අනුව ලොකයේ මෙම සත්ත්ව ගහණයෙන් 3900 ක් පමණ වනයේ රැඳී සිටී. එසේම පසුගිය වර්ෂයේ ඉන්දියානු රජය නිකුත් කළ ඇස්තමේන්තු වාර්තාවට අනුව 2014 වර්ෂයේ සිට 2018 වර්ෂය වන විට වර්ෂ 2226 සිට 2967 දක්වා එරට තුල මෙම සත්ත්ව ගහණය වැඩිවීමක් පෙන්වයි. මොවුන් වඳ වී යාමේ පසුබිම පිටුදැකීමේ අරමුණින් පළමු වරට අද වැනි දිනයක් සමරනු ලැබුවේ 2010 වර්ෂයේ දී රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් සමුළුවේ දී ය. එහිදී 2020 වසර වන විට ඔවුන්ගේ ගහණය දෙගුණයක් කිරීමට එකඟ විය. වර්තමානය වන විට මෙම සත්ත්ව ගහණයේ උපරිමයක් පෙන්වන රට බවට එක්සත් ජනපදය පත්ව ඇත. එයට හේතුවක් ලෙස පෙන්වා දෙන්නේ සත්වෝද්‍යාන, ඔවුන් සඳහා වූ සංරක්ෂණාගාර නඩත්තුව, සහ ඔවුන්ගේ පුද්ගලික අයිතීන් සුරැකීමයි.

ඔවුන්ට වෙන්කල මේ ජාත්‍යන්තර දිනය සමරන්නේ කෙසේද?

👉දඩයම, වනාන්නර විනාශ කිරීම හේතුවෙන් ඔවුන්ගේ වාසස්ථාන අහිමි වීම ආදියෙන් මෙම වටිනා සත්තවයාට එල්ල වී ඇති තර්ජන පිළිබඳ දැනුවත් වෙමු.

👉ඔවුන් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න සොයා බලමු.

👉ඔවුන් ගම් වැදීමෙන් ඇති වන ගැටලු කෙරෙහි විසඳුම් සෙවීමට උත්සුක වෙමු.

👉නීති විරෝධීව ක්‍රියාකරන්නන්ට එරෙහිව පෙළ ගැසෙමු.

WWF (Workd Wild Fund for nature), IFAW ( International Fund for Animal Welfare) සහ SMITHSONIAN සම්මුතිය ආදිය උක්ත සඳහන් කල සංරක්ෂණ ක්‍රියාවලීන් සදහා කැප වී සිටී.

ඉතින් අපිත් වගකිව යුතු මිනිසුන් වශයෙන් අපේ වගකීම ඔවුන්ගේ අයිතිය ආරක්ෂා කරලීම වෙනුවෙන් ඉටු කිරීමට අදිටන් කර ගනිමු.

References :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දුල්මිණී දේශප්‍රිය

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment