මහවුන් රජයන පොඩි උන් පෑගෙන
යුගයක බිහි වුණ මහ පිරිසක්
අරගල කරලා යුක්තිය සොයනා
මී මැසි පොද වන් බල පිරිසක්
ලක්මව රක්නට එකාවන්ව ආ
ජාතිභේද නොතැකූ බලයක්
ඒ බල හමුවේ නකුට හකුල ගිය
මහබල ඇති පාලකයො රැසක්
එදා වේල හම්බකරන්
තුන් වේලක් කාපු අපිට
එක වේලක් කන්නට බැරි
රටක් උදා කළේ කවුද
හැත්තෑ හතරක් වූ වස
මේ රට කළ හැතිකරේම
වගකිව යුතු පාපෙකි මේ
ගෙදර යවමු හැකි විගහට
අරගලයට ආ නින්දිත මැරබල
හමුවේ නොසැලුණු ජන බලයක්
බිහිවනු ඇත මතු මේ සිරිලක පුර
දියවන්නාවෙන් එපිටට වූ බලයක්
මෙතෙක් කලක් ජය පැන් බිව්
අරගල බිමෙහි පුරා පැතිරුණු විස්කම්
සාමකාමි හැම හිත් පෙරදැරි වූ
ජන බලයකි මේ පවුරක් වන්
මතුත් ලැබිය හැකි සෑම දේම
ලබා ගමු සාමයෙ බලයෙන් එකතු වෙමින්
ඉඳින් නොවෙමු අපි ප්රචණ්ඩ පිරිසක්
සුරකිමු ලක්මව් සාම බෙලෙන්…
Leave a Comment