හැත්ත වසරක පාට සිර ගෙය
කඩා දැමුමට මෙයයි කාලය
නිධන් දූපතෙ නිදන් හිටිය ඇති
වරෙල්ලා බන් වරෙල්ලා…
ජාති කුලමල පන්ති ධන බල
බෙදුම් රේඛා සුනු විසුනු කර
උපන් දේශයෙ ගෙල සිඳින උන්
පන්න දැමුමට වරෙල්ලා…
ජාතියට නව පණක් දෙන්නට
වැටුනු දේශය ගොඩ නගන්නට
තිමිර පට තුල රිදී රේඛා
දකින උන් මෙහෙ වරෙල්ලා
වරෙල්ලා මෙහෙ වරෙල්ලා…
Leave a Comment