සුකොමළ වත කමල හස කැළුමෙන් පුබුදා අරුණළු සමඟ කෙළිදලු වූ බස් තෙපලා විදු බිම වෙත පැමිණ සුපුරුදු තැන බලලා මිතුරු කැළ සමඟ සතුටින් මුහු වූවා බෝඩිම දුරයි වියදම් එහි වැඩියි අනේ කන්නද පිටින් අරගන්නට වෙනවානේ යන්නම පැයයි වරකට විස්සක් ගානේ ගෙදරට අමතන්න දවසට දහයක් ඕනේ අරපිරිමැස්ම උපරිම ඇයගේ සුරතේ නොරැඳෙන රැඳෙන ගානට වියදමට ඇතේ ඉතිරිය පරිස්සම් කළ මුත් ඈ රහසේ සිත් පිත් නැති ලෙසට ඇය අන්සතු වූයේ පියතුම වියපත්ය දැන්නම් ලෙඩ ගානේ මල්ලී ඔහු ළඟය දැන් අම්මත් නැහැනේ තව ටික දොහයි මං ගමට ම යනවානේ කඳුළැලි ඇගේ සැඟවෙයි දිරිමත් සිතඟේ කුසුමක් වීද සහසක් කම්කටොළු මතින් විකසිත වෙමින් මිහිතලයට සුවඳ දෙමින් ඒ නුඹ සිතයි හිනැහෙනු දුක කඳුල දරන් දිනයක් උදාවෙයි සැනසුම සතුට දරන්
Leave a Comment