නිසදැස් විශේෂ දිනයන්

අලුත් අවුරුද්ද ලු…

කොහා වෙනුවට සේල් කඩේ කෑ ගහන්නේ
ගහේ පලතුරු වෙනුවෙන් ඩිස්කවුන්ට් වැටෙන්නේ
අවුරුදු වෙනුවෙන් රූප පෙට්ටියේ සිංදු දාන්නේ
ඔන්ලයින් ගේම් එකෙන් පොඩි එකාට අවුරුදු දැනෙන්නේ

පොඩිම එකා ඉඳී රූප පෙට්ටියේ
ලොකු එකා ඉඳී අතේ තිරයේ
තාත්තා බලා හිඳ ණයක් ලබන්නේ
අම්මට මහන්සි නිසා කැවිලිත් කඩෙන්ම එන්නේ

අවුරුදු දාට රත්ඤ්ඤා නම් පුපරනවා
දවසම කැවිලි සංගීත පුටු තරඟෙ යනවා
අවුරුදු ඉවරයි සීනිත් අහසට යනවා
අවුරුදු සරුද ඇහුවම දැන්නම් උඩ බිම බලනවා

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කාවින්ද ලියනගේ

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment