මණිපත් අගින් මතුවන පිනි බිංදු මත…
සටහන් තබනු කෙලෙසක පිපි සහස්පත?
සැණෙකින් වෙනස් වී නොපෙනෙන පිනිති තෙත…
වැන්නකි මිතුර නුඹ මා සතු මිනිස් සිත…
දෙකොපුල මවන මායා සිනහවක රත…
අතරේ තිබුණි හදවත්වල සැඟ වි වත
විනිවිද දකින දා අප, අපෙ මිනිස් සිත
අවරගිරින් හිරු පායා දිලෙනු ඇත…!
Leave a Comment