නිසදැස්

අවසන උරුම වුනි මේ තනිය දිවියේ සැමදාට

මං දෙකක පිය මැනපු පියසටහන් අතර
එක්වුනා මං දෙකක් එක මගක යන ලෙසට
සැමගේම හදපිරි සුබ පැතුම් අතරමැද
දෙහදක ආදරය එක්වුනා සිතුසේම……….

කෙමෙන් ගෙවීයන කාලය අතරින්
කිරි කැකුලු සිනා දෙයි නිවහනේ දසතම
දහසක් පැතුමන් සිත්තුලම සිරකර
දෙව් සමිඳු තුරුලේ සැනසුනා සැමදේම……….

එළඹුනා දවසක් සැමදේම වෙනස්වුන
ගීතිකා සවනට ඇසුනා එදා මිහිරියට
දෙව් සමිඳු තුරුලේ තුටින් ගෙවු නිමේෂය
මතක පොතේ පමණක් ඉතිරිවිය සැමදාට ……….

බියකරුය ඒ හඩ හද තුළ තවමත් ගිගුම් දෙන
කළු වලාකුලක්විත් වසාගති මගෙ ලොවම
සිදුවුනා සැමදේම නොසිතුලෙස එකවරම
ගෙනගියා සිනා කැන් සොයාගත නොහැකි ලෙස
අවසන උරුමවුනි මේ තනිය දිවියේ සැමදාට…….

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ජයාත්‍රි උදිශ්‍යා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment