අවුරුදු සයක පෙමක්
ඔහු නාවිකයෙක්
ඇය සොඳුරු යුවතියක්…
කාලය ගත විය…
ඔහු සයුර කළඹයි…
ඇය,
ඔහු වෙනුවෙන් පේ වෙයි…
නැංගුරම් ලා කළ
ප්‍රේමය සිසාරා
කඩතොලු මතු විය…
නමුදු,
ප්‍රේමයේ නාමයෙන්
ඇය තවත් පේ වෙයි…
ඔහු,
සයුරු පතුලේ
අසම්මතය ගොඩ නගයි
ඇය තවත් පේ වෙයි…
ඔහු මුලාවෙන් ඇය සරසයි…
නමුදු,
ඇය මුලාව තුළින් ද
ඔහු පතයි…
ඉවසුම,
සීමා මායිම් ඉක්ම යයි…
ඇය හඬා වැටේ
දින සති ගත වේ
හැගීම් ගිලිහේ
ප්‍රේමය නවතී…
වෛරය දළුලයි…
අවසන,
හදවත ගල් කරගත් ඇය
සැනසුම් සුසුම් හෙලයි…
රවීෂා ශෙහානි
පළමු වසර
ශාස්ත්‍ර පීඨය
Leave a Comment