නිතර ගැවසෙන සයුරු ගැඹරට
වෙරළ පෙම් කල නමුදු සැමවිට
සයුර ක්ෂිතිජය දෙසම බලමින්
දිනෙන් දින පෙම් බදියි අහසට
නිසල අඹරේ තනිවු තරුවක්
සදවතේ රුව නගයි කවියට
එහෙත් සදවත රෑ පුරා කවි ගොතයි
අලුයම හිරුට කියනට
රළු වුවත් සැඩ රශ්මි ධාරා
ප්‍රියයි කතරක් සමග රැදෙනට
එහෙත් කතරක් දින ගනින්නේ
සෞම්‍ය වැසි දිය පහස ලැබුමට
දුරින් හිද ඔබ දෙස බලන මම
ප්‍රිය කලත් ඔබ ලගින් රැදුමට
ඔබේ සිතැගිය ඔහුගේ හුස්මට
මුසුව හිදුමයි දිවි තුරාවට
නොලැබෙනා කල බලෙන් අත් කර
ගැනුම ආලය ලෙස නොගන්නෙමි
තැවුම් ලතැවුම් අතර රැදෙමින්
විරහවේ රස පහස නොලබමි
පිරිනැමුම ආලයම ලෙස ගෙන
මැදි සිතින් සැම දරා ගන්නෙමි
මෑත සිට ඔබ සිනාසෙනු දැක
හදෙහි ලැව් ගිනි නිවා සැනසෙමි
Photo credit : Film wijayaba kollaya
Leave a Comment