වයින්වලටම දියවෙච්ච ජීවිතය රතු වයින් සුදු වයින් කැබර්නේ සෝවෙන්යො රසම රස මිදි වුණත් තිත්ත වුන දුෂ්කරම සමයකදි ආදරය පැහැරගත් මිදි වත්ත හැගුම් දුන් ශරීරෙට..එකග වෙන්නට බැරුව මනසකුත් එක්ක කළ.. දහසකුත් අරගලය... මිදි අතර සැගව ගිය අරුම වූ ප්‍රේමයක මිදි තරම් මිහිරි නැති ඒ මතක අදහන්න නොහැකි වූ ග්‍රීෂ්මෙක මිදිවලට ගිලගත්තු ප්‍රේමයක් අරුත් පැහැදිය නොහැකි මිදි තරම් රසවත්ම ප්‍රේමයක් ඉතිං හරි උණුහුමට හීන මල් තුහිනයක් වහින්නට ළං වුණත් මිදි කැකුලු සියුමැලී දරන්නට මල් තුහින සගවගත්තා නොවෙද තුහිනයන් ළය මතම මිදිවලට අපුල වූ ප්‍රේමයක් සගවාන හිස් කුහර පුරවන්න මිදිවලට පුලුවන්ද හරිකේන් කුණාටුව මුහුදු හුළගත් එක්ක මිදි අරන් ගිය නමුත් අරං ආ ජීවිතය මිදිවලට පුලුවන්ද ? එකින් එක පහදන්න එතරම්ම ළගින් ඒත් එතරම්ම දුරින් හුන් ප්‍රේමයක් ළං වෙන්න කාලයක් ඕනමද කාලයට පුලුවන්ද? ප්‍රේමයක් නවතන්න..
Leave a Comment