නිසදැස්

(අ)සුන්දරත්වය ඇත සැඟවිලා…

සීතලම වැහි බිංදු,
වැටුනේ අවාරෙක
හමන සුළං කෝඩෙක
ලස්සනම ලස්සන මල්
පිපුනේ මහ කතරක
තනිවුනු ක්ෂේම භූමියක
හැඟීම්බරම කවි වැල්
ගෙතුනේ රෑ මැදියම
ඉකි ගසා හඬන කඳුලක
වර්ණවත්ම හීන පොදි
තිබුනේ ඉටු නොවුනු
කළුවරම කළුවර හීනයක…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අශ්මිනී කරුණාරත්න

ශාස්ත්‍ර පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment