නිසදැස්

අහිමි නෙත් යළි හමුවු දිනයක…

සිනිඳු සියුමැලි
ගිලිහි මල් පෙති
වැතිර ගිය අරණේ
ඇගේ අත ගෙන
පිය මනින ඔබ
දැක ගනිමි සොදුරේ……
නෙතු පියන් හමුවේ

එදා නිසයුරු
ලගින් හිද පෙම් බැදි තරුව ගුවනේ
අද අදුරු ජලධර අතර හිද
සිසි සොයයි සොදුරේ…….
සිසි සොයයි සොදුරේ…….

අදුරු සෙවණැලි
තුළින් හමුවන සද ඉහළ අඹරේ
ප්‍රභාවත් තරු කුමරියක් හා
දැක ගනියි සොදුරේ……..
දැක ගනියි සොදුරේ……..

හදේ සිර කර
තබා ගත් කදුලැලි තෙමූ නෙතිනේ
පෙර පවර පරයා දිලෙන ඔබ
වත දකිමි සොදුරේ……….
හදින් හිනැහෙමිනේ

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිපුනි හප්පිටිය

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment