පවසන්නට බොහෝ දේ තිබුණත් අද නුඹ මා ළඟ නැත…
සැනසෙන්නට බොහෝ වර සිතුනත් අද නුඹ මට අයිති නැත…
නුඹවමයි මට ඕන නුඹේ ආදරයට මං ලෝභයි කියූ නුඹ අද නිහඬය…
එදා මා නතරවන්නට සිතුවත් නුඹ මට එකදු වචනයකුදු නොකියා යන්නට දුන් සැටි පුදුමය…
එදා මා නුඹෙන් ඉල්ලූ සෙනෙහස ටිකෙන් ටික අඩු වෙද්දි මට දැනුනු දුක අප්‍රමාණය…
දන්නවද මැණික ආදරයේ වේදනාව උපරිමයට දැනුනු මට දැන් කිසිදු වේදනාවක් දැනෙන්නේ නැති තරම්ය…
නුඹේ වදනක් ඇසුනත් සැනසුණු මා හට අද කිසිදු දෙයක් නොපවසා නුඹ මෙසේ සිටින අයුරුපුදුමය…
මේ සිතට දැනුනු දුක වේදනාව දරාගෙන තවමත් නුඹේ සිතට පෙම් කරන්නේ ඇයි දැයි මමවත් නොදනිමි…
කෙදිනක හෝ යළි නුඹේ සෙනෙහස පතමින් මා මග බලා සිටිමි…
Leave a Comment