දැනුම

ආජන්ටිනාවේ පාපන්දු පුරාවෘත්තය

මත්ද්‍රව්‍යයට පමණක් පැරදුණු පාපන්දු විශිෂ්ඨයා කීවොත් ඔබගේ මතකයට නැගෙන්නේ කවුද? ඔව් අපි අද කතා කරන්නේ ඒ පුද්ගලයා ගැනයි. මා ඉහත කී වාක්‍ය කියවත්ම පාපන්දු රසික ඔබට මතකයට නැගෙනුයේ  “ඩියෝගෝ අර්මන්ඩෝ මැරඩෝනා” නොවේද?

ඩියෝගෝ අර්මන්ඩෝ මැරඩෝනා 1960 දී ආජන්ටිනාවේ ලැනූස් හිදී උපත ලබා ඇත. මැරඩෝනා 1977 දී ආජන්ටිනා ජාතික කණ්ඩායම වෙනුවෙන් පළමු තරගය හන්ගේරියාවට එරෙහිව ක්‍රීඩා කරන ලදී.1979 දී ජපානයේ පැවැති තරුණ ලෝක කුසලාන තරගාවලියේ දී සෝවියට් දේශය 3-1 වශයෙන් පරාජය කර ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.

මුල් කාලයේ දී මැරඩෝනා “El pibe Golden Boy” (The Golden Boy) ලෙස හැඳින්වීය. මැරඩෝනා 1981 දී බුවනෝස් අයර්ස් (Buenos Aires) බොකා ජූනියර්ස් (Boca Juniors) ක්‍රීඩා සමාජය ජයග්‍රහණය සඳහා මෙහෙයවීය. 1982 දී බාර්සිලෝනා ක්‍රීඩා සමාජය විසින් ඔහුව වාර්තාගත පවුම් මිලියන 5 ක ට (ඩොලර් මිලියන 7.6 ක ට) මිලදී ගනු ලැබීය. 

මැරඩෝනා 1984 දී මැන්චෙස්ටර් යුනයිටඩ් පිළට එරෙහිව බාර්සිලෝනා වෙනුවෙන් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කරා ගෙන යන්නට සමත්විය.

1984 දී මැරඩෝනා ක්ලෝඩියා විලොෆන් (Claudia Villafane) හා විවාහ විය. එයින් ඔහුට දල්මා සහ ජනීනා නමින් දියණියන් දෙදෙනෙකු වේ.

1986 දී ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක දී, මැරඩෝනා එංගලන්තයේ දැල් රකින ක්‍රීඩක පීටර් ෂිල්ටන් අභිබවමින් ක්‍රීඩා කළ මුත්, එහී දී ඔහුගේ අතේ ස්පර්ශ වී ලබාගත් ගෝලය ප්‍රතික්ෂේප විය යුතු නමුත්, විනිසුරුවන්ට එය මග හැරුණි. මැරඩෝනා පැවැසුවේ “මදක් තම හිසෙන් සහ මදක් දෙවියන් වහන්සේගේ හස්තයෙන්” පාපන්දුවට පහර දුන් බවයි. එම ගෝලය “දෙවියන් වහන්සේගේ ගෝලය” (Hand of The God) ලෙස හඳුන්වයි. එම තරගයේදීම මැරඩෝනා තවත් වාර්තාගත ගෝලයක් වාර්තා කළේ, ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩකයන් රැසක්, ඔහුගේ අර්ධයේම පසුකර යමින්. පසුව එම ගෝලය “සියවසේ ගෝලය” (The Goal Of The Century) ලෙස හැඳින්විය. 

1987 වසරේ දී මැරඩෝනා, ක්‍රීඩා ඔස්කාර් කුසලානය දරමින්, වර්ෂ 2000 දී ඔහු FIFA සියවසේ ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබන්නට වාසනාවන්ත විය. 1994 දී ආජන්ටිනාවේ පළමු වටය අවසන් කිරීමටත් පෙර ඔහු තහනම් උත්තේජකයක් වන එපඩ්‍රින් (ephedrine) භාවිත කර ඇති බවට අනාවරණය වූ බැවින් එහී දී ඔහු තරගයෙන් ඉවත් කෙරුණු අතරම, 1991 දී ඔහුට කොකේන් භාවිතය නිසා මාස 15 ක කාලයක ක්‍රීඩා තහනමක් පැනවිණි.

මැරඩෝනා හෘදයාබාධයක් හේතුවෙන් 2020 නොවැම්බර් 25 ආජන්ටිනාවේ ටීග්‍රේ (Tigre) හිදී, දිවියෙන් සමුගන්නාවිට වයස අවුරුදු 60 කි. එදාමෙදාතුර ජාත්‍යන්තර පාපන්දු පිටියේ පුරාවෘත්තයක් වූ ඩියෝගෝ මැරඩෝනා, ඔබේ දස්කම් සැමදාමත් පාපන්දු ඉතිහාසයේ අමරණීය වනු ඇති. 

Design by : Shanaka Vishwantha

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කෝකිලා සනෝජි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment