අපේ සැනසුම්දායකම නවාතැන අපේ ආදරණීයයන්.
ආදරය ලබන්නට , ආදරණීයන් සමග කාලය ගත කරන්නට ඇත්තෙන්ම කවුද අකමැති. එහෙත් ඔබ විශ්වාස කරනවද ආදරය ලබන්නට බිය වන පුද්ගයන් ඔබ අතරම වෙසෙන බව ,
PHILOPHOBIA ( ෆිලෝෆෝබියා ) ඉංග්‍රිසි අකුරු එකොලහක සරල වචනයක් එහෙත් මට නම් එහි තේරුම භයානක මානසික වේදනාවක්.
ෆිලෝෆෝබියා ( Philophobia ) යනු ප්‍රේමයට ඇති බිය හෝ වෙනත් පුද්ගලයෙක් සමග ඕනැම අකාරයක චිත්තවේග සම්බන්දතාවයක් ගොඩනගා ගැනීමට ඇතිවන බියයි. මිනිසාගේ පවතින අසාමාන්‍ය භීතිකා ගත්විට ෆිලෝෆෝබියා නිසැකවම එම ලැයිස්තුවේ ඉහලින්ම සිටී.
ඔබ අප මම සියලුදෙනාම මේ සමාජ ජාලයේ විවිධ බැදීම් වලින් එකිනෙකාට සම්බන්ද වී ඇත. එකිනෙකා කෙරෙහි ඇතිවන ප්‍රේමය මෙන්ම හිත මිත්‍රයින් ඥාතීන් ගුරු ගෝල සම්බන්දතාවයන් එකී නොකී සමාජ ජාලා අතර නිතරම ගැටෙන්නට අපට සිදුවේ. මෙම ෆිලෝෆෝබියා භීතිකාවෙන් පෙලෙන්නෙක් මෙම සියලු සමාජ සම්බන්දතා වලට බයක් දක්වයි. ඔහු හෝ ඇය මානසිකව පීඩාවට පත්වෙයි. මෙම සම්බන්දතා හේතුවෙන් තමාට වේදනාවක් පමණක් අවසානයේ උරුම වේ යැයි අනිසි බියකින් ඔවුන් සෑම වෙලාවකම පෙලෙයි……
කල්පනා කර බලන්න ඒ ජිවිතය කොයිතරම් පීඩාකාරිද යන වග ,
ෆිලෝෆෝබියා පිරිමින්ට සාපෙක්ෂව කාන්තාවන් තුල බහුලව දක්නට ලැබෙයි . බොහෝවිට මෙම භීතිකාව සංස්කෘතික සහ ආගමික මූලයක් සහිතව කෙනෙක්ගෙ මනසේ ඇතිවන අතර එහිදී එම පුද්ගලයන් විවාහය සදහා කැපවී සිටින අතර ආදරය ලබන්නට හෝ ආදරය ලබාදෙන්නට බයට පත්වේ..
ෆිලෝෆෝබියා තත්ත්වය ඇතිවීමටද ඇතිවන පුද්ගලයාගේ අතීත ජිවීතය විශාල බලපෑමක් සිදුකරයි. මුළුමනින්ම මෙම අතාර්කික බිය ගොඩනැගෙන්නේ යටගිය අතීතය මත පදනම්ව වන්නට පුළුවන.
⚫ දෙමාපියන්ගේ අඩදබර, දික්කසාද වෙන්වීම් , ගෘහස්ථව සිදුවන ප්‍රචන්ඩත්වය , ශාරිරිකව හෝ මානසිකව අපචාරයට ලක්වීම පසුකාලිනව ෆිලෝෆෝබියා තත්ත්වය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවේ
⚫ බොහෝ සංස්කෘතීන් මෙන්ම යම් ආගම් සහ ආගමික විශ්වාසයන් යටතේ පුරුෂයන් සහ ස්ත්‍රීන් ප්‍රේමණිය සබදතා නිතී විරෝධීයය තහනම් කරයි එමෙන්ම ඔහු හෝ ඇයගේ විශ්වාසයන් උදාහරණ ලෙස වැඩිහිටින්ගේ දෙවියන්ගේ හෝ සමාජයේ උදහසට ලක්වීමට අකමැති බව , නිසා ඇතිවන ආදරණීය හැගීම් පිලිබදව බලවත් මානසික භීතියකට වේදනාවකට පත්වෙයි.. මෙම ෆිලෝෆෝබියා තත්ත්වය කාන්තාවන් අතර බහුල වීමට ප්‍රධාන කරුණක් ලෙස මෙය දැක්විය හැක.
⚫ අසාර්ථක සම්බන්දතා කිහිපයක් හේතුවෙන් ද , අසාර්ථක සම්බන්දතායන් නිසා සිදුවන හිත් රිදිම් , පරාජයන් හෝ දැඩි වේදනාව , අධික කනස්සල්ල සහ පසුතැවීම ද සෑමදෙයක්ම ඍණාත්මකව සිතීම නිසාද මෙම තත්ත්වය ඇතිවේ.
⚫ කාංසාව , මෙම ෆිලෝෆෝබියාව ඇතිවීමට බලපායි . එවිට තමන්ගේ අාත්ම ආභිමානය පහත වැටේයැයි බියෙන් සම්බන්දතා පවත්වාගැනීමට බිය වෙයි තවද තමන් ආදරය ලැබීමට සුදුසු නැති බවත් ඔවුන් තමාට ආදරය නොකරන බවත් යන සිතුවිලි අධික කාංසාව නිසා අැතිවීමද තවත් කරුණකි .
⚫ ප්‍රතික්ෂේප වීමට , වෙන්වීමට හා දික්කසාද වීමට ඇති බිය නිසා ඔවුන්ට හැඟීම් පෙන්වීමටත් සබදතා වලට පිවිසීමටත් නොහැකි වේ. එවිට ෆිලෝෆෝබියාව ඔවුන්ව හසුකරගන ඔවුන්ගේ ජිවත පාලනය කිරීමට පටන්ගනී.
⚫ සමහර අවස්ථාවලදී මොලයේ ක්‍රියාකාරිත්වයේ සිදුවන වෙනස්වීම්ද මේ සදහා බලපායි…
ඔබ වෙනත් අයකුට පෙම් කරන බව සිතන්න. එම හැඟීම ඔබට ගෙනදෙන්නෙ විස්තර කරගත නොහැකි තරමේ මානසික පීඩාවක් නම් , ආදරයක් ඇතිවීම වරදක් ලෙස දැනෙනවානම් ,
එය හොදින් සලකා බැලිය යුතු කරුණකි.
ෆිලෝෆෝබියාවෙන් පෙලෙන්නෙක් ශාරිරක හා මානසික වශයෙන් සාමාන්‍ය පුද්ගලයන්ගෙන් වෙන් කර හදුනාගත හැකි ලක්ෂණ පවතී.
සමහර අය කිසිවෙකුට විවෘතව අදහස් නොදක්වන තරමට ආදරයට බිය වෙති . ඔවුන් සම්බන්ධතා ආරම්භ කරන නමුත් පවත්වාගන යන්නේ නැත. සම්බන්ධතාවය අතර කාලයේදී පවා ඔවුන් සැම විටම සිටිනේ අනවශ්‍ය බයකිනි අවසානයේ ඇය හෝ ඔහු තමන්ගේ ආදරණියයන්ව සැක කිරීමට හා ආදරණීයන්ට ඊර්ෂ්‍යා කීරීමට පෙලඹේ…. මෙම ලක්ෂණ එක්වර නිරීක්ෂණය කල නොහැකි අතර එම පුද්ගලයන් ළඟින්ම ඇසුරු කරන අයෙක්ට පමණක් තේරුම් ගත හැක. එම නිසා ඔබේ යහළුවන් පිලිබද සැලකිලිමත් වන්න.
මෙම තත්ත්වයෙන් පෙලෙන්නන් ඔවුන්ගේ සියලු ක්‍රියා තමන් හා සමීපතමයන්ගේ අදහස් අනුව ක්‍රියාත්මක කරන අතර අදාල අයගෙන් ලැබෙන ප්‍රතිචාර මත අතිශය කනස්සල්ලට හෝ උද්දාමයට පත්වේ. කනස්සල්ලට පත්වීමේදී ඔවුන්ගේ තමන්ගේ ආදරණීයයන්ගෙන් හේතු රහිතවම වෙන්වෙයි.
තනිකම නිතරම ඇගයීම , තනියම ජිවත්වීම පහසු නැතත් ඔවුන් තනියම ජිවත් වීමට පුරුදු වී සිටියි. එවැනි පුද්ගලයන් අනුගමනය කරන රිද්මය තව අයෙක් නිසා වෙනස් කිරීමට මැලිවෙයි මෙවන් තත්ත්වයක්ද ෆිලෝෆෝබියාව වීමට පුළුවන.
මුළු ජීවිත කාලයම එක් අයෙක් වෙනුවෙන් කැපවී සිටීමට ෆිලෝෆෝබියාවට ගොදුරු වූවන් බයවෙයි. හුස්ම ගන්නා තාක්කල් එක් අයෙක් හා පමණක් වෙසීම ඔවුන්ට සිතාගත නොහැකිය. තවද සම්බන්දතාවන් යනු මොවුන්ට අනුව තටු සිඳලීමකි.
ශාරිරකව ගත් කල මනසේ ඇතිවන පීඩනය හේතුවෙන් නොසන්සුන්කම , වේගවත් හෘද ස්පන්දනය , ඔක්කාරය සහ පපුවේ වේදනාව ලක්ෂණ වශයෙන් පෙන්වයි
අධික ලෙස දහඩිය දැමීම , කරකැවිල්ල සහ ඇතිවන ක්ලාන්ත ගතිය ශාරිරකව දැකබලාගත හැක. මේ හේතුවෙන් අදාල පුද්ගලයාගේ ශාරිරක සෞඛ්‍යය පිරිහී යයි.
ෆිලෝෆෝබියාවේ ස්වභාවය , එම රෝග තත්ත්වය ඇතිවීමට බලපාන කරුණු මත වෙනස් වේ. වෛද්‍යවරුන් කරන ලද නිරීක්ෂණ අනුව නිගමනය වී ඇත්තේ වයස අවුරුදු 35 ට අඩු පිරිස් තුල මෙම ෆිලෝෆෝබියාව සුලභව දැකිය හැකි බවයි. එය ප්‍රතිශතයක් ගත් විට සමස්තයෙන් සියයට අනූවකට පමණ ආසන්න වේ.
ජිවීතය විඳින පරාසයක අය මෙම තත්ත්වයට බහුලව ගොදුරු වීම වේදනාවට කරුණකි. ආදරය විඳින වයසේ පසුවන්නන් විවිධ හේතු නිසා ආලයට බිය වීම හේතුවෙන් සමාජයේ නොදැනුවත්වම වුවද ඔවුන්ව කොන්වීමට බලපායි.
ෆිලෝෆෝබියා ප්‍රේම සම්බන්දතාවලදී පමණක් නොව ජිවීතයේ වෙනත් පුද්ගලයින් සම්බන්දවද ක්‍රියාත්මක වේ.
ඔබට බොහෝ මිතුරන් ඉන්නට හැක; ඔබ සමාජශීලී මිතුරන් අතර ප්‍රසිද්ද අයෙක් වන්නටද පුළුවන; නමුත් ඔබගේ සැබෑ ආත්මය, සැබෑ ස්වරුපය දන්න අය සිටින්නෙ අතලොස්සකි. යහළුවන් කොයිතරම් සිටියත් හදවතට සමීප යහළුවන් ඕනෑම අයෙක්ට සිටින්නේ අතේ ඇඟිලි වලින් ගනන් කල හැකි තරම් කුඩා පිරිසකි.
ෆිලෝෆෝබියාවට ගොදුරු වූවෙක්ට එවැනි යහළුවෙක් හෝ නැත. ඔවුන් විවෘත වීමට අකැමැති අය වේ….තමන්ගේ පෞද්ගලිකත්වය දැන ඔවුන්ට හානි , නින්දා අපහාස කරාවීදෝ යන සැකයකින් බියකින් ඔවුන් නිතරම පෙලෙයි.
ෆිලෝෆෝබියාව එක්වරම කෙනෙක්ගේ මනසින් අතුගා දැමිය නොහැක. ඖෂධ නියම කලද එය ස්ථීර විසදුමක් නොවේ . බොහෝ දුරට මනස පාලනය, එනම් භීතිය අවම කරගැනීමට භාවනාව , චිකිත්සක ක්‍රම, මෝහන ප්‍රතිකාර දීර්ඝකාලීන විසදුම් වෙයි.
ආදරය සහ සමාජ සම්බන්දතා පිලිබදව සුභවාදී ඇසින් දැකගැනීමට පුරුදු කරවීම , ඔවුන් සමග ඒ ෆිලෝෆෝබියා සිතුවිලි වර්ධනය නොවන පරිදි සබදතා පැවැත්වීම මේ තත්ත්වයට මානසික ප්‍රතිකාර ලෙස ඔබටත් සිදුකල හැක.
අපි සියලු දෙනාම අපගේ සිතුවිලි පරාසය තුල ඕනම දෙයක් පුළුල්ව සිතන්නට පුරුදු වී ඇත. කෙටියෙන් පවසනවානම් නැති ප්‍රශ්න ඇති කරගන ඒ ගැනම හිත හිත පසුතැවෙන්නට කලකිරෙන්නට අඩන්නට උපන් හපන් දක්ෂයන්ය. ෆිලෝෆෝබියාව මනස තුල කරන්නේ එවන් සෙල්ලමකි. නැති ප්‍රශ්න මවා පෑමකි. එම නිසා මෙයින් ගැලවීමට හොඳම උපදෙස සම්බන්දතා ගැන ඇතිවන ප්‍රශ්න අදාල පුද්ගලයාගෙන් ඇසීමයි. අසන්නට බැරි නම් ලියා හෝ යොමු කිරීමයි.
එංගලන්තයේ එලිසබත් රැජින ෆිලෝෆෝබියාවෙන් පීඩා වින්දෙකු යැයි සැලකේ…. ඇයගේ පියා අතින් මරණීය දඩුවමට ලක්වූ ඇයගේම මවගේ මරණය ඇය තුල ප්‍රේමය පිලිබද වූ විශ්වාසය පළුදු වීමට හේතු වන්නට ඇත.
ප්‍රේමය ලබන්න සියල්ලන්ටම අයිතියක් ඇත. ප්‍රේම කරන්නට සියල්ලන්ටම අයිතියක් ඇත. හදවතට සමීප වූ ආදරණීයන් සමග හිරිපොද වැස්සක ජනෙල් කවුළුවක අද්දරට වී කෝපි කෝප්පයක් තොලගාන්නට කවුද අකමැති. ෆිලෝෆෝබියාව තිබුනද නොතිබුනද ඔබද මමද ඒ හැගීමට ආදරය කරන්නෝ වෙමු.
එක් අතාර්කික අසාධාරණ බියකට ඔබව පාලනය කරන්න ඉඩ නොදෙන්න , ඔබේ සගයන් ඉන් මුදවාගන්නට කලහැකි යමක් ඇත්ද නොපැකිලිව ඉටු කරන්න .. තනිකම රසවිදින්න හැමදාමත් බෑ තනිකමට ඔවුන්ට ගිලගන්නට ඉඩ නොදෙන්න………….
මූලාශ්‍රය:
https://www.healthline.com/health/philophobia
https://www.fearof.net/fear-of-love-phobia-philophobia/
Leave a Comment