ආදරණීය හැරී,
බක්බීක්ට ආයෙත් පණ දුන්නට
මම අදටත් ඔබට ණයයි…
ෆලෆී අදත් අර දොර මුර කරනවා
උගේ ආයුෂ මටත් වඩා දිගයි…
මා ගත කළ දිගු දිවියේ
හොඳම හමුවීම් කීපයයි…
ඔබ එහි මුල් කිහිපය අතර සිටියි…
දැන් ඉතින් කාලෙ හරි
මටත් යන්නට වෙනවා දුකයි…
හමයිනියි, රොනුයි එක්ක
ඔයාව මට ආයෙත්
තුරුල් කර ගන්න ආසයි
ඒත් මට එන්න කාලය මදියි…
හොග්වර්ට්ස් එන දා ට
මතක් කරල කන්ද පාමුලට
එන්න
මං නැතත් නිවහන තියේ ඔබට
ආදරයෙන් පිරුණ…
එහෙනම්,
යන්නට අවසරයි…!
ඩම්බල්ඩෝත් බලන් ඉන්නවා
මාව එක්කන් යන්න
ලිලීටයි ජෙර්ම්ස්ටයි කියන්න
කතන්දර ගොඩකුත් තියේ මට…
මීට,
රූබියස් හැග්රිඩ්…
රවිඳු නානායක්කාර
පළමු වසර ශිෂ්‍ය
කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනායතනය
Leave a Comment