හයියක් නැති සිතකට දිරියක් වන්නට වෙර දැරුමුත් පෙරදින හැඟුනා වෙනසක් සිත් පහසට වැරදුණු තැන්වල නැවතුණු සිත් යට කඳුලක අරුමය හඳුනන නෙතු ළඟ පුදුමයි සිනහව අද ඇත ඒ මුව තුල සතුටුයි මටත් වෙර දුන්නා යැයි හැඟෙන විට ඒ මුව තුල සිනහවක් නගන්නට ආදරයත් හැඟුමක්ද විටින් විට වෙනස් වෙන කුතුහලයක් නැගුණා මා සිත් පහසට ආසයි මටත් තෙමෙන්නට හිරිපොද වැස්සක ඔය අත් අල්ලා තුරුලු කරගෙන සතුටයි දුකයි එක විට හමු වුණු කල සිනහවයි කඳුලයි නැගුණා ඒ සැම විට විඳගන්නට ඒ හැඟුමේ සුවඳ එයයි ආදරයේ අරුමය
Leave a Comment