දුවෙක්ලූ
අනේ ඇත්තටමද කියන්නේ ඊගාව දවසේ නම් මාත් නිවාඩු දාල හරි එනවා මටත් එයාව බලන්න ඕන
එයානම් දග මල්ලක් වගේ
ඔව් ඉතිං එයා මේ තාත්තාගේම දුවනේ
මම ලස්සන නමක් හිතුවා
නෑ නෑ මම හිතපු නම ඊට වඩා ලස්සනයි
මෙච්චර බඩු ගොඩක් ගන්න සල්ලි කොහෙන්ද?
ඔයා එයත් එක්ක පරිස්සමට ඉන්නකෝ ඒ දේවල් මම බලාගන්නම්
ඒ බෙහෙත් එක ගොඩක් ගනන් එකක්ලූ
කමක් නෑ අපිට බයික් එකක් ඕන නෑ මට බස් එකේ වැඩට යන්න පුලුවන්
ඔයා වගේමයි
ඔව් එයා මගේනෙ
එයා අම්මා කිව්වා
අනේ මගෙ දූ දැන් හපනෙක්
හොදටම අඩනවනේ
ඉක්මනට එන්න doctor කෙනෙක් ගාවට එක්කන් යන්
B- ලූ ඕන
මට දෙන්න පුලුවන් ඕන තරමක් ගන්න
ඒ ඉස්කෝලෙට දාන්න සල්ලි ගොඩක් ඕන වෙයි
කමක් නෑ මන් OT කරන්නම්
ලස්සන ගවුමක් ඕනලු, අලුත් කරාබු දෙකකුත් ගන්න වෙයි
ඔයාගේ මුද්ද තියනවනේ මගේ මුද්ද උගස් කරමු
ආන් කැම්පස් පාස් වෙලා
මම ඒක දැනන් හිටියා මගෙ දූ හොද තැනකට යයි දවසක
නුවර පැත්තේ ලමයෙක් කිව්වේ
ඇවිත් මාව හම්බවෙන්න කියන්න
ලස්සනයි නේද දූලගේ අප්පච්චි
ඔව් කුමාරිකාවක් වගේ, අද ඉදන් අපි දෙන්නා තනියම
Call එකක්වත් දුන්නේ නෑ ගොඩ දවසකින්
කරදර කරන්න එපා එයාලට වැඩ ඇති
පුතු පැටියෙක්ලූ
ලෑස්ති වෙන්න ඉක්මනට ගිහින් බලලා එමු
මට ටික දවසක් මෙහෙ ඉන්නලූ
මමත් මේ ඒකමයි කියන්න ගියේ ටික දවසක් ඉදලා දූට උදව් කරන්න
මේ සතියෙත් යන්න එපාලු මහත්තයෝ
කමක් නෑ මට කඩෙන් කෑම ගන්න පුලුවන්
සල්ලි හදිස්සියක්ලූ
එහෙනම් අපේ ඉඩමේ ඔප්පුවවත් උගස් තියමුද?
ඉඩම බේරගන්න විදිහක් නෑලූ
මාත් දූලගෙ ගෙදර එන්නම් එහෙනම්
තනියම පුලුවන්ද මහත්තයෝ යන්න
පහල ගෙදර පියල් කොලුවත් එක්ක යන්නම් මන්
බෙහෙත් ඉවරයි නේද
කමක් නෑ දැන් හොදයි මට
දැන් අපි මොකද කරන්නේ මහත්තයෝ
දූ ඇත්තටම එහෙම කිව්වද නෝනේ
මාත් එන්නම්
එපා එපා ඔයා දුවව බලාගන්න මෙහෙ ඉදලා
නම මොකක්ද
දූ නම් කිව්වේ ‘වැඩිහිටි සෙවන’ කියලා
Leave a Comment