ආමිසය ප්‍රිය නොකරමි…!
නමුත් අම්මා බලෙන් කෑ ගසා මල් නෙලා එන්නට යැවු හවසක
මලට ඔබ්බෙන් පෙනෙන අහස දකිමි.
ඉරක් නැති අඳුරත් නැති අහසේ
සියුමැලිව තැවරී ඇති සුදෝ සුදු වළා කැටි දකිමි.
නෙලාගන්නා මලේ පෙත්තක් අල්පමාත්‍රව සොලවමින් විත්
මගේ මුහුණේ ගැටෙන සුළං පහසක් විඳිමි.
පහන දැල් වූ කල
තිරයෙන් උඩ නටන
නිල් කහ පැහැයවල් මැද්දෙන්
වර්ණයක් නැති පාරදෘශ්‍ය වු ඉඩක් ඇති බව දකිමි.
හඳුන්කූරක සුදු පාට දුම ඉහළ නඟිමින් නැමී කැරකී
මවන මායාමය රටා තුළ
නොයෙක් හැඩ රූ දකිමි.
ආමිසය ප්‍රිය නොකරමි.
ආමිසය තුළ ගෙවෙන තත්පර විඳිමි.
Leave a Comment