ක්‍රීඩා

ආසියාවෙන් පොදුරද මඬලට…

සුවහසක්  නෙත්   දෑස්             දල්වා
බලා  සිටි ජය දැයට                 කැන්දා
සතර අත ලොව විජය                පතුරා
ලක් මෑණිගේ නම ඔවා            තැබුවා

ආසියාවේ වේගවත්ම මිනිසා නාමයෙන් පිදුම් ලැබු යුපුන් අබේකෝන් සොයුරා එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර දී 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වෙන් තරග වැදුනේ ඔහු තත්පර 10.14 කින් තරගය නිමා කොට ලෝකඩ පදක්කමකින් ලක්මෑණියන් සරසන්නේ ශ්‍රී ලාංකේය සහ අසියානු වාර්තා පොත් අලුත් කරමිනි. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 ඉසව්වෙන් පදක්කමකින් පිදුම් ලැබූ එකම ලාංකේය ක්‍රීඩකයා වන්නේද, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී වසර් 24 ක ට පසු බිහි වූ පළමු පදක්කම් ලාභියා ලෙස සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 ඉසව්වෙන් අවසන් තරගයට සහභාගී වී ඉන් පදක්කමක් දිනූ පළමු ආසියානු ක්‍රීඩකයා ලෙස යුපුන් අබේසිංහ වාර්තා පොත් අතරට එකතු වෙයි.

“අවසන් වටයට සහභාගී වීමට පෙර ම මා ජයගෙන හමාරය. මොකද, මම මගේ ඉලක්කයට ඒ වගේම මගෙ කණ්ඩායමේ ඉලක්කයට ළඟා වෙලයි තිබුණේ. අවසන් පූර්ව වටයේ යම් පීඩනයක් දැනුනත් අවසාන වටයේ මම තරග වැදුනෙ නිදහසේ. පීඩනයකින් තොරව. ‘ඔයා දැන් ඔයාගෙ ඉලක්කයට ළඟා වෙලයි  ඉන්නෙ, ඔයා මේ වටය නිදහසේ දුවන්න…’ කියලා මගෙ පුහුණුකරු මට කිවුවා. මේ වගේ  තරගයකින් ලෝකඩ පදක්කමක් ලබා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මින් ඉදිරියටත් ජයග්‍රහණ ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා වගේම, ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා. අවසාන වශයෙන් මාව විශ්වාස කරපු සහ මට උදවු කරපු සියලු දෙනාටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.”

තරගය අවසානයේ මාධ්‍යයට මෙසේ අදහස් පල කළේය.

යුපුන්ගේ ඉසව්ව අවසන් වී මොහොතක් ගතවන්නට මත්තෙන් රිදී පදක්කමකින් ලක් මෑණියන් සරසන්නට සමත් වූ පාලිත බන්ඩාර හල්ගහවෙල පැමිණ යුපුන් වැළඳ ගන්නේ ජයග්‍රහණයේ ප්‍රීතිය අත්විඳිමින් මෙන්ම ලක්මවගේ සහෝදරත්වය ලොවට විදහා පාමින්ය. කවපෙත්ත විසිකිරීම ඉසව්වෙන් මීටර් 44.20 දක්ෂතාවයක් විදහා පාමින් රිදී පදක්කම දිනා ගැනීමට පාලිත බන්ඩාර සමත් විය.

 නොයෙකුත් බාධක කම්කටළු මැද, කැපවීම හා අධිශ්ඨානය පෙරදැරිව  තරගවැද ලක්මාතාවගේ නම ලොවට ගෙන ගිය ඔබ දෙපලටම ඉදිරියටත් ලක්මාතාවගේ නම රනින් බබලවන්නට හැකි වේවා යි  අපි පතන්නෙමු. ලක්මෑණීයන්ගෙ පුතුනි, ඔබ දෙපලට Colombo Beacon අපි හදවතින්ම සුබ පතන්නෙමු…!

Images:

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කවිදු මුණසිංහ

තාක්ෂණ පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment