සාමාන්‍ය

ඇගේ ඉරණමට වගකිව යුත්තේ කවුද?

මාවතේ කෙලවරක ඉදගෙන ඇය එහි ඉමක් හොයන අතරේ, ඇගේ පපුවට තුරුලු වුන ඒ කිරිකැටිය නම් හොයන්නේ අම්මගේ සෙනෙහස ද කොහෙද.

වෙන දෙයක් කෙසේ වෙතත් මේ දෙන්නම සමාජයෙන් ඇති තරම් නින්දා අපහස නම් විදින්න ඇති.

“නරක ගැහැණිය”
“තාත්තෙක් වත් නැති පොඩි එකා”

මේ විදියට ඔවුන්ට සමාජයෙන් ලැබුනේ ගැරහුම්ම විතරයි.

ඇත්තටම ඇය මේ තත්තවයට ඇද වැටුනේ ඇයි?
ඒ එක ඛේදනීය, අවාසනාවන්ත සිදුවීමක් නිසා වෙන්න ඇති.

ඒත් ඒ එක සිදුවීමක් වුනත්, ඒ සිදුවීම ඇගේ මුලු ජීවිතයම අදුරු කලේ කොහොමද?

ඇගේ ඉරණමට වගකියන්න ඕනි කවුද?
ඒ ඔබද?
නැත්තම් මමද?
එහෙමත් නැත්තම් වෙන කවුරු හරිද?

අත්තටම ඔබ මම ඇතුලු මුළු සමාජයක්ම මේ කාරණයට වගකියන්න ඕනි.
කෙනෙක් දැන් ප්‍රශ්න කරයි ඒ කොහොමද කියලා……..

ඇය ඒ අමිහිරි මතකත් එක්ක තනි වෙනකොට,
ඒ අදුරු ලෝකයෙන් එහා තියන පියකරු ආලෝකය, ඇයට පෙන්නලා දෙන්න තරම් මේ සමාජය කාරුණික වුනාද?

ඔබ ඔබගෙන්ම අහලා බලන්න.

සමහරවිට ඒ තරුණියගේ අම්ම තාත්තම, නෑදෑයින්ම, එහෙමත් නැත්තම් යහලු යෙහෙළියන්ම, ඇයව අත අරින්න ඇති.

ලබැදියන් වෙන් වෙලා යද්දී ඒ නපුර එක්ක ඇය තනි වෙන්න ඇති.

කුහක සමාජයක කාටවත් අත නොපා ජීවත් වෙන්න අදුරම හොදයි කියලා හිතලා, අදුරම වැලද ගන්න ඇති.

දැන් නම් අදුර ඇය වෙලාගෙන ඉවරයි..
ඇයගේ ජීවිතය නිවැරදි කරන්න ඔබට මට හෝ වෙන කිසි කෙනෙක්ට පුලුවන් කමක් නෑ…………………………………………

නමුත් තවත් තරුණියක් මෙවන් පාපතර ඉරණමකින් ගලවා ගන්න නම් අපට පුලුවන්.

ඔබ කාන්තා දූෂණය, කාන්තා හිංසනය හා කාන්තා අපචාර පිටුදකින්නෙක් වෙන්න ඇති.

නමුත් කාන්තාවක් දිහා අගේ කොනයෙන් බලලා ඇයව වටහා නොගන්න තාක්, කාන්තා දූෂකයෙක්, හිංසකයෙක් හෝ අපචාරකයෙක් හා ඔබ අතර සැලකිය යුතු වෙනසක් නම් නැති තරම්.

ඒ නිසා අසරණ වූ කන්තාවක් දිහා බලලා ඇයට ගරහන්නේ නැතුව ඇයට සමාජය ඇතුලේ හොද තත්වයක් ගොඩනගලා දෙන්න තරම් නිහතමානී මානසික මට්ටමක් අප තුල ඇති කර ගන්න පුලුවන් නම් දූෂකයන්ට, හිංසකයන්ට, සමාජය ඇතුලත තවත් ඉඩක් නම් ලැබෙන එකක් නෑ.
අන්න එදාට කාන්තාවක් කොයිතරම් අසරණ වුනත් අදුරෙන් එහා තියන අලෝකය දැක ගන්න නම් ඇයට අපහසු වෙන එකක් නෑ.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිපුනි හප්පිටිය

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment