දසමසක් කුස දරාගෙන හිටියා,
රතු ලේ සුදු කොට රන් කිරි පෙව්වා,
අැත්ත කියාපන් අම්මේ,
දුකක් දැනුනෙම නැතුවා?
පහ කඩාගෙන ගෙට එද්දී
අප්පොච්චා,
මතකයි නුඹ ඔහුටත්
මෙත් වැඩුවා,
ඔච්චර ගින්දරක්
ඉහිලුවේ කෝමැයි,
අපේ අම්මා…
“අනේ මගේ පැටව් බඩගින්නේ”කියා,
එ් ගිණි නිවන්න නුඹ ඉගිල ගියා,
දන්නවද අම්මේ එදා,
ගම උතුරන්න
කදුළු ගං වතුරක් ගැලුවා….
වැටෙනා කදුළු රන් මසුරන් වේවා
දාඩිය බිඳු මිණි මුතු කැට වේවා
කිසිදිනකත් බඩගිනි හෙම නොම වේවා
අනේ, අපේ අම්මා මතු බුදු වේවා!
අත් දෙකේ කරගැට අැති
ඉස්සරට වඩා,
ලස්සන වෙලත් අැති
එදවසට වඩා,
එන්නේ නැද්ද අැවිත් යන්න,
අමතකයි
අන්තිමට කියපු දවස,
“දස මාසේ උරේ කත්වා”
————————————————————-
යකඩ කුරුල්ලෝ පියාඹද්දී
හිසට උඩින්,
හිතෙනවා පුතේ
ගොඩබහින්න,
කටුනායක අහස යටින්…….
මක්කරන්නද පුතේ,
හූල්ලනවා මිසක
පෙර කල පවට ඉතින්…….
Leave a Comment