නිසදැස්

ඇති දා නැති දා

සඳ කුමරිය හැර ගියමුත් කළු අහස
කිසිදින තනි කළේ නැත තරු කැකුළු නුඹ
ඇය ඇති දා නැති දා දිගු රැය එකට
ළඟින් රැඳුනි සැම දින වෙනසක් නොකොට

සඳ කුමරිගෙ රූසිරි ගැන කවි ගෙතුනා
ඇය වටකොට නෙක උපමා පටබැඳුනා
තරු රෑනට ගී පද වැල් නැත කිසිදා
සඳ අහසේ නැති දා නම් හොඳ කීවා

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දෙනුවනි තක්සලණි

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment