ඇමර්සන් දැවුනේය
තවම ඔබට එය දැනුනේ නැත
ඒ නිසා ඔබ බිම දැමූ ටොපිකොළයක්වත්
අඩු නොවුනේය……..
ඇල්ල දැවුනේය
තවම ඔබට එය දැනුනේ නැත
ඔබ පාරේ දමා යන කුණු මල්ල
එහෙමමය
ග්ලැසියර මළහ……
තවම එය නුඹට දැනුනේ නැත
ඒ නිසා නුඹේ වාහනයේ කළු දුම
අඩුවක් නැතුවම එලියට එන්නේය…..
ජනාධිපතිවරණය ප්‍රකාශිතය
එයනම් නුඹට තදින්ම දැනුනේය
ඒ නිසා නුඹ නුබේ කතිරය දෙන්නට ගැලපෙන අයෙක් තීරණය කලේය…
නමුත්
ඔවුන් නුඹට හුස්ම ගැනීමේ අයිතිය දුන්
පරිසරය උදුරාගෙන
බොහෝ කල්ය…..
එයද තවම ඔබට දැනී නැත…….
Leave a Comment