ඈත පෙර දිනයක,
ලැබුණි මම නුඹට, නුඹේ පෙර පිනකට…
දැනුණු විට හිතට කම්මැලි
නොකෙරු විට ගෙදර වැඩ පන්තියේ…
නුඹ සොයා ආවෙමි ඉන්න බෑ යැයි කියා පන්තියෙ…
සිනහ, කඳුළැලි මැද්දේ
බැනුම්, ගුටි බැට, රණ්ඩු අස්සේ…
හීනයකි මට ගෙවී ගිය කාලේ…
ගතින් වෙන් වී ගිය ද නුඹ හෙමිහිට..
සිතින් වෙන් වී නොයයි මට කිසි දින…
සසර පෙර පිනකට මටම හිමි වුණු
දෙවනි අම්මා ලෙසින් වූ ඇය, නමින් “අක්කා ය…”
Leave a Comment