Colombo Beacon ආදරය නිසදැස් සාමාන්‍ය

ඇසල මංසල…

ඇසල මහේ 
පෙම්වතිය
මුමුනනා සෝ ගීත
සවන්පත් රස
වැකුණා වත්ද?
සෙංකඩගල අහස
පියාපත් සලන්නට
කාලෙ කදිමෙට 
ගැළපුවා නේද?
සෝ සුසුම් පා කරන්නට
පිබිදෙනා පැතුමන් දරාගන්නට
නුවර අහසම… 
අනෝරා මහ වැසි එක්ක
ඔට්ටු අල්ලන 
 කාලෙ ඇවිත් පෙම්වත…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ශශිකලා කල්හාරී

Leave a Comment