ගිනියම් වූ මද්දහන දැක දැකත්
බොරළු කැට වැදී පා රිදුම් දුන්නත්
ගතට ඉවසුම් නොදෙන බැව් දැන දැනත්
හැමදාම හේනේ දා බිංදු හැලුවා…
උල්පතක් සිඳුන මුත් නියඟෙ රස්නෙට
තිබහ දැනෙනවා කීවොතින් උගුරට
ගත තෙමා වැටෙන දා බිංදු එක්කර
හදයි මහ ගංගාවක්…
අමාවක අහස දෙස බලාගෙන මං
ඉල්ලුවොත් සඳක සිසිලසක්
සුළඟක් ලබාදේවී සියුම් ලෙසවත්
පිටු සිඳුණු පොතක් සලමින්…
Leave a Comment