දුටුව ඒ සිනහ පොද.
මැවි මැවී සිහිනයක.
ඔබ කවුද ඇසූ විට.
මම ඇය තමයි කීය.
සරසවියෙ මුල්ම දින
සොඳුරු වූ ඒ මොහොත.
කිතිකැවෙයි මගේ හද
ඇය දකින හැමවිටම.
ටික කලක් ගෙවුනීය.
ඇය සමඟ හාද විය..
දිනෙක එක යාමයක.
පැවසුවා ආදරය.
එවිට ඇය තිගැස්සිය.
“බලමු” ලෙස පැවසීය..
සුසුමක්ද සලා ඇය
පැවසුවා ආදරය..
මා ඔබේ වෙලා ඇත.
ඔබ මගේ තුරුලෙ ඇත..
කටුක බාධක අතර.
අපි අපේ වෙලා ඇත
– කිත්තා –
Leave a Comment