වැලිපිල්ලක අකුරු ගෙත්තම් කරන්නට…
ගුරු සෙවණේ හිඳ දළු ලා වැඩෙන්නට…
ඉගෙනුමට වරම් නැති දෝ මා හට…
පොත් මිටිය වෙනුවට…
රැඳුනේ මහා හුඟක් වගකීම් එක පිටට…
දිවියේ සොඳුරු හීනය පණ පොවන්නට…
අකැප වූවාදෝ සුහුඹුල් මෙමට…
ලොකු මහත්තයෙකු වෙන්නට…
දිවියම ජය ගන්නට…
හීන දැක්කේ මම බහ තෝරන වියේ සිට…
පණ කෙන්ද රැක ගන්නට …
මේ දරන සටනට…
ජයක් නැතුවා වාගේ පේන තෙක් මානෙට…
තවමත් මිය යන්නට නොදී රැක ගත් හීනයට …
මිය යන්නට දෙන්න ලෝභයි මට…
අනේ ආසයි මටත් කඩිමුඩියට …
අකුරු ඉගෙන ගන්නට…
යන්න විදු මව්ගේ තුරුලට…
Leave a Comment