චූටිම රණ්ඩුවක් ගැන
ඕනවටත් වඩා පසුතැවිලා
ගෙදරටම හොයාගෙන ඇවිත්
‘නිමල් මාත් එක්ක තරහද ‘
කියලා සුනිල් අහපුවාම
නිමල්ට හිතුන දේ අපි දන්නේ නැති උනත්
නිමල් දන්නවනම් දැන්
ගොඩක් මිනිස්සු වැරැද්දක් උනාම
සමාව ගන්න සෑහෙන හිතනවා කියලා
නිමල්ට හිතෙයී
සුනිල් තමා හොදම කියලා
බත් කට උගුරේ හිර උනාම
මුලින්ම
‘අනේ නිමල්ට අදත් බත් නැතිව ඇති ‘
කියලා හිතට ආව සුනිල් දන්නවනම්
අද ගොඩක් යාලුකම් කියන්නේ
එෆ්බී එකේ ෆොටෝ ටැග් කරන එකයි කියලා
එයාට හිතෙයි
හොද වෙලාවට අපේ කාලේ
එෆ්බී තිබ්බේ නැත්තේ කියලා
ගල්වලේ රවුම් ගහලා ඇවිත්
නිදාගන්න කලින් මුලු විස්තරේම
සුනිල් කියන අපූරුව අහන් ඉන්න
මයිත්‍රී අක්කා
අද හිටියනම් එයා දැක්නම්
ගොඩක් ගෙවල් වල
සහෝදරයෝ
කාමර දෙකට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නේ
චූටී චූටී රණ්ඩු වෙන්න තියා
අනෙකා දිහා බලන්නවත්
වෙලාවක් නැතිව කියලා
නපුරු මයිත්‍රී අක්කටත් හිතෙයි
හොද වෙලාවට මටයි මල්ලිටයි
ස්මාර්ට් ෆෝන් තිබ්බේ නැත්තේ කියලා
මෙච්චර ලස්සනට
තාමත් පොතේ තියෙන වචන පවා මතක හිටින විදිහට කතාව ලිව්ව
ඉලංගරත්න සර්
අද හිටියනම්
සර්ට හිතෙයි හොද වෙලාවට
මන් ඒ කාලෙම පොත ලිව්වේ
දැන් ලිව්වනම් මන් කොහොමද
එච්චර ලස්සන යාලුකමක්
ගැන හිතන්නෙවත් කියලා
Leave a Comment