අලුත් පන්තියෙ
අලුත් පොත් අතර
හීන දකින
නොයෙක් මූණු එක්ක
කලක් පුරාවට
නොයෙක් හීන මැද
දිනක් නෑර ඇන්ද
සුදු නිල ඇඳුමට
ආයුබෝවන් කියන්න
ඔන්න මෙන්න ඉඳන්
යන්න කලියෙන්
ආයෙමත් හැරිලා බලන
පණ වගේ ආදරෙන්
ඉස්කෝලෙට හිටපු උන්
කඳුළු පුරවන්
ඉස්කෝලෙන් යන්න යද්දි
දහසකුත් එක්
අලුත් මූණු පොඩි
අලුත් ඉස්කෝලෙට
පුංචි අඩි තියද්දි
චූටි ඇගිල්ලේ එල්ලුණු
පැංචෙකුයි පැංචියකුයි එක්ක
ආදි ශිෂ්‍යයෙකුයි
ආදි ශිෂ්‍යාවකුයි
කාලයාගේ ඇවෑමෙන්
එකිනෙකා මුණ ගැසී
දෑස් මත්තෙන්
අතීතෙට ගිහින්
එකමත් එක දවසක
අඹ ගහ යට
යාළුවොත් එක්ක
කතා කර කර හිටියලු
මොහොතක්…
නිහඬවම…
Leave a Comment