නිසදැස්

ඊලඟට කොහා කියන එක කට්ටිය එකතු වෙලා ලියමුද බලන්න

කපුටා:

උබේ ලමයත් ගෙනත් දැම්මද  උබ ඇවිල්ලා අපේ දිහා
ඔෆිස් එකටම කෝල් කරලා ගෑනි බැන්නා අඬ අඬා

කොහා:

ගෑනු ඇඬුවම අපිට මොකෝ බං මචං උබ හරි හොඳ එකා
අනේ කැම්පස් කාලේ ඉඳලම උබයි මගේ ලඟ හිතවතා

කපුටා:

ඔවර් ටයිමුත් කරලා වෙහෙසෙන අනේ බලපන් මම දිහා
උබේ ගොන් වැඩ ඉවරයක් නෑ උබ එක්ක මම නෑ කතා

කොහා:

තරහ අවසර ලොකු උදව්වක් අනේ බලපන් මගේ පුතා
පණත් හරි මට උබත් හරි මට ජාති ජාතිත් මිත්‍රයා

කපුටා:

සල්ලි නෑ බන් මටත් එහෙමට පොඩි උන්ට වියදම් වෙලා
කූඩුවක් වත් හදන් නැතුවම ඇයි බැන්දේ ඉක්මන් වෙලා

කොහා:

කට විතරමයි ඇති වැඩක් නෑ ගෑනි බනිනවා හිත හිතා
ගෙවල් හදලත් වැඩක් නෑ බං ඒකී යනවලු මම දමා

කපුටා:

මගේ මඟුලත් ඉවරවෙයි දැන් ගෑනි මම ගැන සැක හිතා
වත්තේ එරබදු ගහේ නැඟගෙන උබට නම් අවුරුදු තමා

කොහා:

……………………………………………………………………….
………………………………………………………………………..

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment