Colombo Beacon නිසදැස් විශ්ව විද්‍යාලය

උපාධියට සාරියක්…

සාරි හැට්ටයේ පිටට 
මල් හැඩට දාමු දුව…
ලස්සනයි කොණ්ඩෙත් 
බැන්දාම උඩටම
සාරියත් නෙක වර්ණ 
ගෙත්තමින් ගත්තොතින්…
නුඹ ලස්සනයි දුවේ 
මගුලෙ හැමටම වඩා …
එපා නැන්දේ පිටට 
මල් දාපු හැඩ රටා
කළු ලෝගුවයි මගේ 
මනමාල පෙම්වතා…!

Image Credit : Akila Anjuna

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චමුදිනී හිමංෂිකා

නීති පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment