ආදරය විශ්ව විද්‍යාලය

උඹේ වරදක් නෑ උඹෙන් වරදක් උනෙත් නෑ දේවී

කොළඹ අහසත් කළු කරන් එන 
හීත හුළගත් දුඹුරු පාටයි 
පිලී සුවදට පාට තැවරු 
සරුංගල් හෙම අහසේ බෝමයි 
වැස්ස නෑ වැහි වලා විතරයි 
උඹව රවටන්නෑ 
රැවටුනා විතරයි

බෝල මාලේ චේ හිසේ 
රත්තරං නෑ යකඩ පොළවේ 
ලේ පාට මම දැක්කා දේවී 
ඒවා රතු පාටයි තමයි 
ඒත් ඒ උං කියු පැහැයේ රටාවක් විතරයි 
තදට කුණු පාටක් තිබුනේම නෑ  
උඹේ වරදක් නෑ

සරත් සමයක් වස්සානයක් 
සතියකට කොළ වෙන පළාතක් 
අකුරු වැහි බොරු අකුණු ගගහා 
කුණාටුව එනවා තමයි 
අසයිමන්ට් කුණු කානු වතුරේ  
පීනන්න මම ඇන්ද සරමේ 
පාට හෙදුනෙ නෑනෙ දේවී 
ඉතින් වරදක් නෑ 
උඹේ වරදක් නෑ

කලට කලකට රෝස මල් පෙති 
බබ්බු දීලා යනවා දේවී 
රවට්ටන්නෑ රත්තරන් උඹ  
රැවටුනා විතරයි
උඹේ වරදක් නෑ 
අහස ඔහොම්මමයි 
එදත් එහෙමයි නම් අදත් වෙනසක් නෑ 
උඹේ වරදක් නෑ 
උඹෙන් වරදක් උනෙත් නෑ දේවී
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පවිත්‍රානි දිසානායක

නීති පීඨය - උපාධිධාරි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment